එල්ලුන් ගහ බලන්න ගිය ලොහාන්ට ඇමති ධුරයක්..!

Lohan Ratwatte State Minister of Container Warehouse Facilities Container Yards Port Supply Facilities and Boats and Shipping Industry Development

කාන්තාවකට එල්ලුන් ගහ පෙන්වන්න ගිය බවට සහ වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාර වලට ගොස් කලබල කළා යැයි චෝදනා ලැබූ, ඒ නිසාම බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කල ලොහාන් රත්වත්තේ අද (10) නව රාජ්‍ය අමාත්‍ය ධූරයක දිවුරුම් දුන්නේය. මේ අනුව ලොහාන් රත්වත්ත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ ගුදම් පහසුකම්, බහාලුම්, අංගන, වරාය සැපයුම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත. මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් ද එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

Read More

අම්බිකාගේ ප්‍රකාශය නිවැරදි බව විදේශ කටයුතු අමාත්‍යංශය නැවත වරක් ඔප්පු කළා | Ruki Fernando

Read More

අම්බිකා ගැන විදේශ අමත්‍යංශයේ ප්‍රථිචාර සිවිල් සංවිධාන හෙලා දකී

ambika satkunanathan Ministry of Foreign Affairs human rights commission in sri lanka

අම්බිකා සත්කුනනාදන් මහත්මිය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිචාරය හෙලාදකිමින්, සිවිල් ක්‍රියාකාරීන් 161, සංවිධාන 47ක් සහයෝගීතා ප්‍රකාශනයක් නිකුත් කළේය. සම්පූර්ණ ප්‍රකාශනය මානව හිමිකම් පිළිබඳ නීතීඥවරියක, මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිනියක, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරියක සහ නීලන් තිරුචෙල්වම් භාරයේ සභාපතිනිය වන අම්බිකා සත්කුනනාදන් මහත්මිය විසින් 2022 ජනවාරි 27 වැනි දින යුරෝපීය පාර්ලිමේන්තුවේ මානව හිමිකම් සම්බන්ධයෙන් වන අනුකමිටුවට කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් 2022 පෙබරවාරි 4 වැනි දින විදේශ අමාත්‍යාංශයෙහි ප්‍රතිචාරය පිළිබඳව මෙහි පහත අත්සන්කර ඇති සිවිල් සමාජ සාමාජිකයින් සහ සංවිධාන දැඩි කනස්සල්ල ප්‍රකාශකර සිටින්නෙමු. සත්කුනනාදන් මහත්මිය විසින් ස්වකීය…

Read More

මහර ඝාතනයන් ගැන මානව හිමිකම් කොමිසමෙන් විමර්ශන

මහර සිරගෙදර තුළ  සිදු කරන ලද සමූලඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවුරුද්දකට වැඩි කාලයකට පසු  විමර්ශන ආරම්භ කර තිබේ. 2020 වසරේ නොවැම්බර් 30 සහ දෙසැම්බර් 01 යන දිනවල මහර බන්ධනාගාරයේ හටගත් ගැටුම්කාරී තත්වය හමුවේ සිරකරුවන් එකොලොස් දෙනෙකු වෙඩි තබා මරා දැමූ බවට චෝදනා එල්ල වී ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් වෙතයි. විමර්ශනය සදහා අවශ්‍ය ප්‍රකාශ ලබා ගැනීම සදහා වින්දිත පවුල් වල සාමාජිකයන් පෙබරවාරි 2 වැනි බදාදා කොළඹ පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ මුලස්ථානය වෙත කැඳවා තිබේ. මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් හමුවීමෙන් පසු පිටතට පැමිණි වින්දිතයන්ගේ ඥාතීන්…

Read More

සිරගත LTTE සාමාජිකයන් නිදහස් කළ යුතුයි.

galaboda aththe gnanasara LTTE political prisoners

දැනට බන්ධනාගාර ගත කර සිරදඬුවම් විඳිමින් සිටින සියලු LTTE සමාජිකයන් නිදහස් කළ යුතුබව එකරටක් එක නීතයක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රකාශ කරති. කොලොන්නාවේදී මාධ්‍ය අමතමින් එහිමියන් ප්‍රකාශ කර ඇත්තේ දැන් යුද්ධය අවසන් බැවින් සිරගතව සිටින එල්ටීටීඊ සාමාජිකයන් නිදහස් කිරීම වැදගත් බවය. ඒ පිළිබඳව තම අදහස ජනාධිපතිවරයාට තමන් වහන්සේ ප්‍රකාශ කළ බවත් එයට ජනාධිපතිවරයාද එකඟ බව එහිමියන් එහිදී ප්‍රකාශ කර ඇත. එකරටක් එක නීතියක් සඳහා තමන් උතුරු නැගෙනහිර සංචාරය කළ බවත් එහිදී මෙම සිරගත පුද්ගලයන්ගේ දෙමාපියන් මුණගැහුණු බවත් ඔවුන් තම දරුවන් නිදහස් කරන මෙන් ඉල්ලීම් කළ…

Read More

බන්ධනාගාර වාර්ථාවේ දෙමළ, සිංහල පරිවර්තන එලි දකී.

National Report on Prisons Ambika Satkunanathan HRCSL SLCAT

2018 වර්ශයේ අප්‍රෙල් මාසය හා සැප්තැම්බර් යන කාල වකවානුව තුල එවකට පැවති මානව හිමිකම් කොමිසම තුළින් ලංකාවේ බන්ධනාගාර හා රැඳවියන් පිළිබඳව අධ්‍යනයක් සිදු කරන ලදි. මෙහිදී ඔවුන්ගේ බන්ධනාගාර ඇතුලත ජීවන තත්වය, සනීපරක්ශාව, මානුෂීය ගණුදෙනු, අහාර පාන යනාදිය හා සිරකරුවකු සපුරාලිය යුතු අවශ්‍යතා හා අයිතිවාසිකම් පිළිබඳව දත්ත එකතු කිරීමක් හා එවාට අදාලව නිර්දේශයන් ඉදිරිපත් කිරීමක් මෙම අධ්‍යන වාර්ථාව මගින් ලබා දී ඇත. මානව හිමිකම් කොමිසම විසින් මෙය ඉංග්‍රිසි භාෂාවෙන් සකස් කර ඇති අතර වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව විසින් එහි දෙමළ හා සිංහල පරිවර්ථනයන් සිදු කර එළිදැක්වීම ජනවාරි 25 දින කොළබ…

Read More

මගේ තාත්තට, ජේලර්ලා ගහලා මරලා දාලා

Kadurugas Ara Prison death prisoners rights

‘මගේ තාත්තා ඇඹිලිපිටිය, කඳුරුගස් ආර එළිමහන් සිර කඳවුරේ තමයි රඳවලා හිටියේ. ඒ කඳවුරේ ඉඳලා තාත්තා මට ජේලර් මහත්වරුන්ගේ දූරකථනවලින් නිතරම කථා කලා. ඊට පස්සේ ඒ මහත්තුරු මට රෑට කතාකරලා එක එක අයුතු යෝජනා කළා. මට තාත්තා 2022. 01. 10  වනදා අංක 070-5882314 දූරකතනයෙන් කථා කළ වෙලාවේ මං තාත්තට ඒගැන කීවා. මීටපස්සේ මට ජේලර් මහත්වරුන්ගේ පෝන්වලින් මට කථා කරන්න එපා, ඒ අය දිගින් දිගටම මෙහෙම කථා කලොත් මගේ පවුල් ජීවිතය අවුල් වේව් කියලා මම තාත්තට කිව්වා. ඊට පස්සෙ තාත්ත ඇහුව කවුද මොකක්ද වුනේ කියා. උන්ගෙ අම්මට කියලා මගෙත් එක්ක බැන වැදුනා.…

Read More

බදුල්ල බන්ධනාගාරයේ රැඳවියන්ට කල පහර දීම බලධාරීන් වසන් කලාද?

Assault on inmates of Badulla Prison

පසුගිය මානව හිමිකම් දිනය දා බදුල්ල බන්ධනාගාරයේ මුස්ලිම් රැඳවියන්ට කල පහර දීම වසං කිරීමට බදුල්ල මානව හිමිකම් කොමිසමේ කාර්යාලය සහ බදුල්ල බන්ධනාගාරය ක්‍රියා කළ බව හෙළි දරව් වී තිබේ. ඒම හෙළිදරව්ව ඇතුළත් වන්නේ  එලෙස පහර කෑ රැඳවියන්ගේ ඥාතීන් විසින් මඩකලපුව මානව හිමිකම් කොමිසමට කරන ලද පැමිණිල්ලකිනි. මෙම පහර දීම ගැන ආංරචි වූ ඥාතීන් විසින් බදුල්ල මානව හිමිකම් කොමිසමෙන් කරන ලද විමසීමට පිලිතුරු වහයෙන් කියා ඇත්තේ එම රැඳවියන්ට පහර දීමක් සිදුව  නැති බවයි. බදුල්ල බන්ධනාගාර බලධාරීන්ද  දී ඇත්තේ එම පිළිතුරමය. එසේ නමුත් එම රැඳවියන්ගේ ඥතීන් ඔවුන් බැලීමට ගිය විට දැක ඇත්තේ…

Read More

කොරෝනා සමග අතුරුදහන් වුණ සිරගෙදර මනුස්සකම!

Prisoners embarrassed by covid incident

(සිරකරුවන්වීම නිසා රෝගීන්ට වෙනස්කොට සැලකීම ගැන කතාවක්!) – පුෂ්පා වීරසේකර 1897 අංක 03 දරණ නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනතේ ප්‍රතිපාදන අනුව, කොවිඩ් රෝගයට ගොදුරුවන සිඟන්නාගේ පටන් කෝටිපතියන් දක්වාවූ සියලු රෝගීන් සම වරප්‍රසාද ලැබීමට හිමිකරුවෝය. සිපිරිගෙදර තාප්පයේ  ‘සිරකරුවෝද  මනුෂ්‍යයෝ‍’ යැයි ප්‍රසිද්ධ කර ඇතත් සිරගතව සිට කොරෝනා රෝගයට ගොදුරුවූ රැදවියන් පවසන්නේ තමන් රෝගීන් වුවද, රැඳවියන් වීම නිසා තමන්ට බන්ධනාගාරය තුළදී මනුෂ්‍ය සැලකුම් නොලැබුණ බවය. එසේම රෝගියෙකුට මුහුණදීමට අපහසු අමනුෂ්‍ය සැලකුම්වලට මුහුණදීමට සිදුවුණ බවය. අනුරාධපුර හා වාරියපොළ බන්ධනාගාරවල සිට එම අත්දැකීම්වලට මුහුණදුන් ඔවුන්ගේ දුක්ගැනවිල්ල තියුණුය. එයිනුත් කොරෝනා ආරම්භයේ සිටම ආන්දෝලනයට ලක්වූ අනුරාධපුර…

Read More

අනුරාධපුරයේ දෙමළ සිරකරුවන් දෙදෙනාගෙන් ඉල්ලීමක්!

anuradahapura prison

අනුරාධපුර දෙමළ සිරකරුවන් සිය ජීවිත ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා සිටින බව  දෙමළ ජාතික ජනතා පෙරමුණු  නායක යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (16) අනුරාධපුර බන්ධනාගාර ඉදිරිපිටදීය. බන්ධනාගාර හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා  පැමිණ අනුරාධපුර බන්ධනාගාරයේ උපරිම සිර (මැක්සිමම්) මැදිරියේ රදවා සිටි LTTE සැකකරුවන්ගේ පරිසක් අතර සිටි රැදවියෙකුගේ හිසට පිස්තෝලක් එල්ලකළ සිදුවීම සමග එම සැකකරුවන්ගේ දුක සැප විමසීම සඳහා දෙමළ ජාතික ජනතා පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙපලක් ඊයේ (16 දා) අනුරාධපුර බන්ධනාගාරයට පැමිණ සිටියහ. පැමිණි මුල් අවස්ථාවේදී  එම රැඳවියන්ගේ සුවදුක් විමසීමට…

Read More