වසර 3 කට ගෙනාපු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත දැන් එපා! – පා.ම සිවාජිලංගම්

Abolish the Prevention of Terrorism Act M K Shivajilingam

එදා තාවකාලික පනත් ලෙස ගෙනාපු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට දැන් වසර 43 ක් ගත වී ඇති බවත් ඒ නිසා මේ පනත සම්පුර්ණයෙන්ම අහෝසි කළ යුතු බවට ඉල්ලා සිටින බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලංගම් මහතා පවසයි. ජනාධිපති විමර්ශන කොමිසන් සභාව විසින් පත් කරන ලද කමිටුව විසින් මේ වන විට ලබා දී ඇති වාර්තාවේ සඳහන් වන්නේ මේ පනත අහෝසි නොකල යුතු බවය. නමුත් එහි සඳහන් වගන්ති කිහිපයක් සංශෝධනය කල යුතු බව දන්වා ඇත. නමුත් සිවාජිලංගම් මන්ත්‍රීවරයා පවසන්නේ කොමිසමේ මතය පිලිගත යුතු නැති බවය. ජාත්‍යන්තරයේ පවා මේ පනත ගැන කථාබහට ලක්ව…

Read More

උතුරු නැගෙනහිර ජනතාව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත නිසා වදහිංසාවට ලක් වෙනවා – පා.ම. එස් ශ්‍රීදරන්

Prevention of Terrorism Act S Sridaran

යහපාලන සමයේ නිදහසේ හුස්ම ගත් උතුරු නැගෙනහිර ජනතාව දැන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වදහිංසාවට ලක් වෙමින් තිබෙන බව දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීදරන් මහතා පවසයි. උතුරු නැගෙනහිර ජනතාව වසර ගණනාවක් පුරා බලෙන් අතුරුදහන් කරන ලද තම ඥාතියා සොයා දෙන ලෙස ඉල්ලා අරගල කරමින් සිටින බවත් මේ අරගලයේ නිරත වු පුද්ගලයින් 56 කු දැනට මිය ගොස් ඇතත් තවමත් ඔවුන්ට සාධාරණයක් ඉටු වී නොමැති බවද ඔහු කියා සිටියි. එදා යුද්ධය අවසන් විමෙන් පසු සිය ස්වාමියාව, දරුවාව, සහෝදරයාව රජයට භාර දුන් ජනතාව මේ අරගලයේ යෙදී සිටින බවද ඔහු පෙන්වා…

Read More

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට එකඟ නැහැ – ජනාධිපති පරීක්ෂණ කොමිසම

prevention of terrorism act Presidential Commission of Inquiry

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු යන මතවාදයට එකඟ නොවන බවත් මහා බ්‍රිතාන්‍ය ඇතුළු සෙසු රටවල ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා හඳුන්වා දී ඇති නීති අධ්‍යයනය කර පනත සංශෝධනය කළ යුතු බවත් සදහන් කරමින් මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිසම් සහ කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම අතුරු වාර්තාව මගින් පෙන්වා දී ඇත. මේ අතුරු වාර්ථාව පෙරේදා (20) දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දී තිබුණි. මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් සහ සමාන බරපතළ වැරදි පිළිබඳ චෝදනා විමර්ශනය පිණිස පත්කළ කොමිසන්…

Read More

ආණ්ඩුව මඳක් පස්සට – ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යළි සමාලෝචනයට!

Review of the Prevention of Terrorism Act

යුරෝපා සංගමයෙන් මෙරටට ලබා දෙන GSP+ සහනය ලබා නොදිය යුතු බවට පහුගිය දිනෙක යුරෝපා සංගමයේ කතාබහක් ඇති විය. ඒ දැඩිව මෙරට සිදුවන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධව අවධානය යොමු කරමිනි. මෙම සහනය අහිමිව ගියහොත් ලංකාවට ඇති විය හැකි බලපෑම පිලිබඳව විවිධ පාර්ශව විසින් කථා කරන්නට පටන් ගත්තේ යුරෝපා සංගමයේ මේ තීරණයත් සමගිනි. ආණ්ඩුවද යම් තිගැස්මකට පත් කළ මේ කථිකාවත නිසා මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීමට ආණ්ඩුව සුදානමින් ඇත. විදේශ කටයුතු අමාත්‍යාංශය මේ බව යුරෝපා සංගමයට වහාම දැනුම් දීමට කටයුතු කර ඇත්තේ ලංකාව මේ ප්‍රතිසන්ධානය සම්බන්ධයෙන් මේ වන…

Read More

පනත් පහක් සංශෝධනයට

Five Acts to be amended

මෙවර පැවති කැබිනට් මණ්ඩලය විසින් පනත් පහක් සංශෝධනය කිරීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කර ඇත. ඒ අතර සේවකයින්ගේ අවම වේතනය පිළිබඳ පනත සංශෝධනය සුවිශේෂිය. ඒ අනුව අවම වැටුප සියයට 25කින් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. එමෙන්ම  තවත් පනත් කිහිපයක් සංශෝධනයට අදාළව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනා සඳහා නිර්දේශ ලබා ගැනීම සඳහා ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව වෙත යොමුකර ඇති බව  (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර සිටියි. ඒ අනුව, එම අනුකාරක සභාව විසින් ඉදිරිපත් කරන ලද…

Read More