ගොවිතැන විනාශ වුනේ අම්බරුවෝ වගේ නායකයින් ටිකක් පත් කරගත් නිසයි – ගොවීන් කියයි

kaudulla govi

නියමිත වේලාවට පොහොර ලබා නොදුනහොත් මාස් කන්නයේ ගොවිතැන විනාශ වී යාමට ඉඩ ඇති බවත් වහාම ගොවිතැනට අවශ්‍ය පොහොර ටික ලබා දෙන ලෙසත් බලකරමින් කවුඩුල්ල ඒකාබද්ධ ගොවිජන ව්‍යාපාරය මාධ්‍ය හමුවක් කැදවමින් අද  (05) රජයට අවධාරණය කළේ ය. එහි දී අදහස් දැක්වූ කවුඩුල්ල ඒකාබද්ධ ගොවිජන ව්‍යාපාරයේ භාණ්ඩාගාරික කවුඩුල්ලේ ආර්.පී.ධර් ම තිලක මහතා අදහස් දක්වමින් මෙසේ කීය. “නිදහසෙන් පස්සේ ගොවිතැනට ලැබිච්ච අභාග්‍යම කාලය තමයි මේ උදා වෙලා තියෙන්නේ.අම්බරුවෝ වගේ නායකයින් ටිකක් පත් කරගෙන මේ අය මොළෙන් නෙමෙයි වැඩ කරන්නේ. ඇගෙන් වැඩ කරන්නේ කටමැත දොඩවන්න ඕන තරම් දේවල් ඒ අයට තියෙනවා. නමුත් ප්‍රායෝගිකත්වය බිංදුවයි.…

Read More

අඳුරු වලාවන් මැද රීදී රේඛාවන් සොයා යාම!  – පිලිප් දිසානායක

civil rights movement sri lanka

ලෝක සිවිල් ව්‍යාපාරයට මෙන්ම, ලංකාවේ සිවිල් ව්‍යාපාරයට ඉතා විශාල ඉතිහාසයක් තිබේ. මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතාට අනුව 1912-1915 කාලයේ පැවති අමධ්‍යප ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ඇරඹි පැරණිතම සිවිල් ව්‍යාපාරය ලෙස සදහන් කර තිබේ. ඉන් පසුව වෘත්තීය සමිති ව්‍යාපාරයත්, 1971 කැරැල්ලෙන් පසුව ඇති වූ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයත්, ජාතීන් අතර යුක්තිය හා සාමය ඇති කිරීමේ ව්‍යාපාරය (MIRJE), ප්‍රජාතන්ත්‍රීය අයිතින් සුරකීමේ සංවිධානය (MDDR) ඉඩම් කෘෂි ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය (MOLNAR) අතුරුදහන්වුවන්ගේ මාපිය දූ දරු සංවිධානය (AFMAD) නිදහසේ වේදිකාව (PFF) සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය (NMSJ) එසේ බිහි වූ වැදගත් සිවිල් ව්‍යාපාරයන් ලෙස සදහන් කළ හැක. සිවිල් හා…

Read More

මලිත්ට ගහනකොට චංචලාට රිදෙනවා වගේ ආණ්ඩුව කැඩෙද්දී කොම්බුවට රිදෙන්නේ – මනුෂ

Manusha Nanayakkara Rajapaksa governments

ආණ්ඩුව කඩා වැටීම හමුවේ  සමගි ජන බලවේගය  ශක්තිමත් වන විට, මලිත්ට ගහනකොට චංචලාට රිදෙනවා වගේ ආණ්ඩුවට ගහනකොට කොම්බුවට රිදිලා යැයි සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු  මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. ඒ් නිසා සමගිජනබලවේගය පහට කැඩි ඇතැයි ව්‍යාජ පුවත් නාග ධාතු පත්තරේ කිසිදු මාධ්‍යවේදියෙකු නොමැති නමකින් ව්‍යාජ ප‍්‍රවෘත්ති පළ කරන බවත්, පසුගිය කාලයේදී ඩීල් දාපු අය – නයි ධාතු පෙන්වූ කොම්බුව ආණ්ඩුවට මුක්කු ගැසීමට ඉදිරිපත්ව ඇති බවත් ඔහු පෙන්වා දෙයි. විපක්ෂ නායක කාර්යාලයේදී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා මෙසේද පැවසුවේය.…

Read More

මන්නාරම් පොලිසියේදී මියගිය තරුණයකු ගැන මානව හිමිකම් පරීක්ෂණයක්!

police torture Mannar human rights commission

අත්අඩංගුවේ සිටියදී පහර දී මරා දැමූ බවට ශ්‍රී ලංකා පොලිසියට චෝදනා එල්ල වන, මුස්ලිම්  තරුණයකුගේ  මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව  පරීක්ෂණයක්  ආරම්භ කර තිබේ. යාපනයේ පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ උතුරු පලාත් කාර්යාලයේ සම්බන්ධිකාරක ටී කනගරාජ් පවසන්නේ එම පරීක්ෂණයේ පළමු පියවර ලෙස  තරුණයා අත්අඩංගුවට ගත් පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවයි. මියගිය තරුණයා ඇතුළු දෙදෙනකු 2021 ඔක්තෝබර් 1 වැනිදා මන්නාරම පොලීසිය විසින් එරුකලම්පිට්ටු, පුදුකුඩිඉරිප්පු ප්‍රධාන මාර්ගයේදී අත්අඩංගුවට ගෙන තිබුනේ මත් ද්‍රව්‍ය ලඟ තබා ගැනීමේ චෝදනාව මතයි. අත්අඩංගුවට ගත් එක් තරුණයකු  ඔක්තෝබර් 2 දා අළුයම…

Read More

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියානු තෙල් සමාගමට බදු දීමක් නැහැ – ඇමති දිලුම්

trinco oil

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියානු තෙල් සමාගමට ලබාදී තිබීම හා ඉන්දියානු විදේශ ලේකම්යරයා එහි නිරීක්ෂණයක නිරතවීම මගින් යළි තෙල් ටැංකි ඉන්දියාවට බදුදීමක් අපේක්ෂා නොකරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ඉන්දියානු විදේශ ලේකම්වරයාගේ මෙරට සංචාරය පිලිබඳ පැතිර යන කථා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු එසේ කියා සිටියේය. සංචාරයෙන් මෙරට සංවර් ධනයට  ප්‍රතිලාභ රැසක් අත්වන බවත් ඒ යටතේ මෙරට දුම්රිය ධාවනය විධිමත් කිරීම සඳහා ඉන්දියානු දුම්රිය ධාවන විශේෂඥයන්ගේ උපදේශකත්වය හිමි වන බව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් ඒ මහතා සඳහන් කළේය. මගී ප්‍රවාහනයට වැඩි අවධානයක් යොමුවී ඇති දුම්රිය මගින් ඩීසල්, වැලි වැනි…

Read More