ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියානු තෙල් සමාගමට බදු දීමක් නැහැ – ඇමති දිලුම්

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියානු තෙල් සමාගමට ලබාදී තිබීම හා ඉන්දියානු විදේශ ලේකම්යරයා එහි නිරීක්ෂණයක නිරතවීම මගින් යළි තෙල් ටැංකි ඉන්දියාවට බදුදීමක් අපේක්ෂා නොකරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඉන්දියානු විදේශ ලේකම්වරයාගේ මෙරට සංචාරය පිලිබඳ පැතිර යන කථා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු එසේ කියා සිටියේය.

සංචාරයෙන් මෙරට සංවර් ධනයට  ප්‍රතිලාභ රැසක් අත්වන බවත් ඒ යටතේ මෙරට දුම්රිය ධාවනය විධිමත් කිරීම සඳහා ඉන්දියානු දුම්රිය ධාවන විශේෂඥයන්ගේ උපදේශකත්වය හිමි වන බව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් ඒ මහතා සඳහන් කළේය.

මගී ප්‍රවාහනයට වැඩි අවධානයක් යොමුවී ඇති දුම්රිය මගින් ඩීසල්, වැලි වැනි භාණ්ඩ ප්‍රවාහනය කිරීමට වැඩි අවදානයක් යොමු කරන බව ද අමාත්‍යවරයා කීවේය.

ඉන්දියානු විදේශ ලේකම්වරයාගේ මැදිහත්වීම මත මෙරට කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ඉන්දියාවෙන් මෙරටට එළදෙනුන් ලබාදීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියානු තෙල් සමාගමට ලබාදී තිබීම හා ඉන්දියානු විදේශ ලේකම්යරයා එහි නිරීක්ෂණයක නිරතවීම මගින් යළි තෙල් ටැංකි ඉන්දියාවට බදුදීමක් අපේක්ෂා නොකරන බව කී අමාත්‍යවරයා, වත්මන් රජයේ ප්‍රතිපත්තිය වන්නේ දේශීය සම්පත් රැක ගැනීම හා ඒ සම්පත් මගින් දේශීය නිෂ්පාදකයන් දිරි ගැන්වීම වන බව සදහන් කළේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Social Sharing
නවතම