දවසකට හාල් කිලෝ ලක්ෂ 65 ක් අවැසි රටකට හදිසි නීතිය පෙන්වා රැගෙන ගියේ හාල් කිලෝ 6-7 ක්ද?

ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 500ක් ලබා දී වසරකටත් වැඩි කාලයක් ගතව ඇතත් එක හාල් ඇටයක්වත් වේයන්ගොඩ ගබඩාවට ගෙනැවිත් නැති බවත්  පොලොන්නරුවේ පෞද්ගලික අංශයේ වී මෝල් වැටලීමට පෙර රාජ්‍ය අ අංශයේ වී අලෙවි මණ්ඩලයත්, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවත් , සමුපකාර දෙපාර්තමේන්තුවත් වටලා භාණ්ඩාගාරයෙන් දුන්න මුදල් වලට  ගත්ත වී ටික කාටද වික්කේ කියා සොයා බලන ලෙස එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා පවසයි. හදිසි නීති රෙගුලාසිය භාවිත කරමින් අත්‍යවශ්‍ය කොමසාරිස් ජනරාල්, පාරිභෝගික අධිකාරිය, දිස්ත්‍රික් ලේකම් ඒ වගේ ම පොලිසිය ඇතුළු මහා පිරිසක් පොලොන්නරුවේ වී මෝල්වලට ගිහිල්ලා ඒවා වටලා සතොස ආයතනයේ…

Read More

කොවිඩ් නිසා ව්‍යාපෘති 221 ක් ඇණ හිටලා – රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම

මෙම වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති රුපියල් බිලියන එකක වටිනාකමකින් යුතු ව්‍යාපෘති 221 ක ප්‍රමාණයක් කොරෝනා වසංගතය නිසා ක්‍රියාත්මක නොවන තත්ත්වයට පත්ව ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ඒ නිසා ඇණ හිට ඇති සංවර්ධන  ව්‍යාපෘති යළි ආරම්භ කිරීම පිළිබඳව රජයේ විශේෂ අවධානය යොමු වී ඇතැයි ද එම ව්‍යාපෘති යළි ක්‍රියාත්මක කිරීම සඳහා ඒ ඒ දිස්ත්‍රික්ක සඳහා අධීක්ෂණ මන්ත්‍රීවරු පත්කිරීම පිළිබඳව පසුගිය දිනවල සාකච්ඡා වූ බව  අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. කොරෝනා වසංගතයේ හමුවේ පවතින නිරෝධායන ඇඳිරි නීතිය පදනම් කර ගනිමින් ඇතැම් කූට ව්‍යාපාරිකයන් පාරිභෝගික ජනතාව සූරාකෑම වැළැක්වීම සඳහා අත්‍යවශ්‍ය…

Read More

පොලීසිය අද අපරාධ නිවාරණය පසෙකලා කොන්ත්‍රාත් කරන තැනක් වෙලා! – නීතිඥ දුලාන් දසනායක

Sri Lanka police torture Human Rights dulan dasanayake

අද පොලිසීය අපරාධ නිවාරණය වෙනුවට සිදු කරන්නේ කොන්ත්‍රාත් භාර ගැනීම බව නීතිඥ දුලාන් දසනායක මහතා පවසයි. අපරාධ නිවාරණය ගැන පුහුණුවක් නැති පොලිස් නිලධාරීන් අද විවිධ පුද්ගලයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් කොන්ත්‍රාත් භාර ගන්න තැනට පත්ව ඇතැයිද අපරාධ නිවාරණය විනාශ වී ගොස් ඇතැයිද ඔහු පවසයි. පොලීසිය ප්‍රචණ්ඩත්වය මුදා හැරීම නිසා පුද්ගලයින් තුවාල ලබා ඇතැම් අය මරණයටද පත් වෙන බව පෙන්වා දෙන දුලාන් දසනායක මහතා පවසන්නේ එසේ වින්දිතභාවයට පත් වු ඇතැම් අයට නීතියෙන් සාධාරණය ඉටු වී තිබෙන බවය. රටක් සංවර්ධනය වන විට පොලිස් ප්‍රචණ්ඩත්වය අඩු විය යුතු වුවත් ලංකාවේ එවැනි ආකාරයට පොලිස් ප්‍රචණ්ඩත්වයේ අඩුවක්…

Read More

සිද්ධි සම්බන්ධ තොරතුරු ගැන මාධ්‍ය හමු තියන්න කලින් CID යට කියන්න – ආරක්ෂක ලේකම්

කිසියම් සිද්ධියක් සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු තිබේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීම් වෙනුවට හුදෙකලා මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම ඵල රහිත දෙයක් බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි. රට තුල පැවති සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම, පාතාල ක්‍රියාකාරකම් සහ කප්පම් ගැනීම් වැනි සමාජයට තර්ජනයක් වූ සියලු ක්‍රියාවන්, 2019 වර්ෂයේදී වර්තමාන රජය බලයට පත් වූ දා සිට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මඟ පෙන්වීම යටතේ ඉහළ පෙළේ රාජ්‍ය ආරක්ෂක ආයතනවල ඒකාබද්ධ ප්‍රයත්නයන් මගින් බිඳ දමා ඇති බවද ඒ් මහතා පවසයි. පසු වසර එකකුත් මාස නවයකටත් වඩා අඩු කෙටි…

Read More

විශේෂ අවදානම් දීමනාව තවදුරටත් ඉල්ලයි

වසංගත ව්‍යසනය හමුවේ සෞඛ්‍ය සේවකයන්ට ලබා දුන් කොවිඩ්  විශේෂ අවදානම් දීමනාව තව දුරටත් ලබාදෙන්නැයි ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියි. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත ලිපියක් යොමු කරමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය පෙන්වා දී ඇත්තේ පවතින වසංගත තත්වය හමුවේ සෞඛ්‍ය සේවකයන්ට විශේෂ කැපකිරීම් කිරීමට සිදුව ඇති බවය. විශේෂයෙන්ම වසංගතය නොතකා සේවයට පැමිණීමට, ප‍්‍රවාහන පහසුකම් සපයා ගැනීමට මෙන්ම ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවදානමක් ගැනීමටද සිදුව ඇති බව ඔවුන් පෙන්වා දෙයි. සෞඛ්‍ය සේවකයන්ගේ දැඩි ඉල්ලීම මත කොවිඩ්  විශේෂ අවදානම් දීමනාව  ලෙස  රුපියල්  7500 බැගින් පසුගිය මාස තුන සදහා ලැබුන බව සදහන්…

Read More