විසඳුම් නොදෙන බලධාරීන්ට විරුද්ධව සෞඛ්‍ය කාර්යංශ සටනට!

Health staff ready for trade union action against authorities

වසංගත මර්දනයේ යෙදී සිටින සුව විරුවන්ගේ  ඉල්ලීම්වලට බලධාරීන් නිසි  විසදුම් ලබා  නොදීමට විරෝධය පාමින් වෘත්තිය අරගලයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  වෘත්තිය සමිති විස්සකට අධික ප්‍රමාණයකින් සමන්විත සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුව පියවර ගෙන තිබේ. මාරාන්තික වසංගතය හමුවේ රටේ ජනතාව ලක්ව ඇති තත්වයෙන් මුදවා ගැනීමට නිශ්චිත සැලැසුමක් මත, දීර්ඝ කාලීන වැඩ පිළිවෙලක් අත්‍යාවශ්‍ය බව අවධාරණය කරන සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුව පෙන්වා දෙන්නේ ඒ සදහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය රැක ගැනීම හා ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීම අත්‍යවශ්‍ය බවයි. සෞඛ්‍ය සේවාව එම අවශ්‍යතාව සදහා පෙළගැස්වීම වෙනුවෙන් ඉල්ලීම් හා යෝජනා 15 සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත යොමු…

Read More

පර්ල් ගැන මීගමු පුරවැසියන් හඬ නගයි!

Negombo fishermen in trouble due to xpress pear ship

කොළඹ වරායට ඇතුල්වීම සඳහා ඒ ආසන්නයේ නැංගුරම් ලා තිබියදී ගිනි ගත් නෞකාව හේතුවෙන් රජය ධීවරයන්ට මෙම මුහුදූ ප්‍රදේශයේ රැකියාව නොකරන ලෙසට දැනුම් දී ඇති අතර එම මුහුදු ප්‍රදේශයෙන් නෙලා ගන්නා මසුන් ආහාරයට ගැනීමෙන් වැලකී සිටින ලෙසටද අනතුරු අඟවා ඇති හෙයින්  කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වී සිටින ධීවර ප්‍රජාව කබලෙන් ලිපටම ඇද වැටී ඇති බව මීගමුව පුරවැසි එකමුතුව ප්‍රකාශ කරයි. කොළඹ වරායට නුදුරින් තවමත් දැවෙමින් පවතින සිංගප්පූරු සමාගමට අයත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට මුසු වූ රසායනික ද්‍රව්‍ය වලින් කිව නොහැකි පරිසර විනාශයක් සිදු වෙන බව ඔවුන් කියා සිටියි. මුහුදු තීරයේ ජලය…

Read More

ලුණු වලට ගිය කලක්!

Salt shortage in Sri Lanka Ceylon Salt Company

මාගේ ඥාතී සහෝදරියක් ඊයේ (31) දින රාත්‍රියේ දුරකථනයෙන් අමතා පවසා සිටියේ ලංකාවේ ඉදිරියේදී කහ මෙන් ලුණු හිඟයක් ඇති වන බවත් ඒ නිසා ලුණු පැකට් ගෙනවිත් තබා ගන්නා ලෙසත්ය. මා එය එතරම් සැලකිල්ලට ගත්තේ නැත. නමුත් මඳ වේලාවකින් මුහුණු පොතේ සැරි සැරූ මට දකින්නට ලැබුණේ ලුණු හිඟයක් ඉදිරියේදී ඇති බව සඳහන් කළ පෝස්ටුය. ඊට හේතු ලෙස සඳහන් කර තිබුණේ ගිනි ගත් නැවෙන් අන්තරාදායක විෂ ද්‍රව්‍ය මුහුදට එක් වීම නිසා ඉදිරියේදී ලුණු නිෂ්පාදනයට බාධා පැමිණෙන බවකි. මේ ලුණු හිඟ කථාව ගම්වල ලැව්ගින්නක් සේ පැතිර යද්දී කඩවල තිබු ලුණු පැකට් 15-20 ඇතැම් පුද්ගලයින්…

Read More

FTZ අරගලයට වසර 10ක් : වියරු මර්දනයක් දෙස ආපසු හැරී බැලීමක්!

10 years to the FTZ struggle death of roshen chanaka

2011 වර්ෂයේ වෙසක් මාසයේ අවසානය කටුනායක නිදහස් වෙළද කලාපයට යහපත් කාලයක් නොවුණි. මැයි මාසය තුළදී කටුනායක නිදහස් වෙළද කාලාපය ඇතුළු සියළු වෙළද කලාපයන් තුළ කම්කරු අරගල වර්ධනය වූයේ පෞද්ගලික අංශයට විශ්‍රාම ප්‍රතිලාභ අරමුදලක් සැකසීම අරමුණු කර ගනිමින් රජය විසින් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම හේතුකොට ගෙනය. මෙම පනත් කෙටුම්පත තුල විශ්‍රාම වැටුප් අරමුදලක් පිළිබඳව සදහන් වූවත් මෙහි අරමුණ පෞද්ගලික අංශයේ සේවකයන්ගේද මුදල් වලින් සැකසුණු සේවක අර්ථ සාධක අරමුදල කොල්කෑම බවයි සේවක වෘත්තීය සමිති වල අදහස වූයේ. එවකට පැවැති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් සහිතව සිටි රජයක් වූ…

Read More

ඩ්‍රෝන කැමරාවට අසු නොවන නිරෝධායන නීති කඩ කරන ආණ්ඩුවේ ඇත්තෝ!

dona

ශාරීරික ව්‍යායාම් සඳහා කොළඹ ආනන්ද හන්දිය පොලිස් මාර්ග බාධකය අසලින් ගමන් කිරීමට පැමිණි කොළඹ මධ්‍යම ප්‍රදේශය බාර පොලිස් ප්‍රධානියකුගේ බිරිඳකට බාධා කළ බව කියන පොලිස් කොස්තාපල්වරයා විනාඩි කීපයකදී වෙනත් මාර්ග බාධකයක් වෙත මාරු කර යැවීමේ සිද්ධිය මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුවේම කථාබහට ලක්ව ඇත. ඉකුත් මැයි 28 දා බොරැල්ල – මරදාන මාර්ගයේ ආනන්ද හන්දිය අසල මාර්ග බාධකයේ රාජකාරි කරමින් සිටි මරදාන පොලිසියට අනුක්ත කොස්තාපල්වරයෙකු මෙම සිද්ධියට මුහුණ දී තිබුණි. කොවිඩ් වසංගතය තුල සංචරණ සීමා, නිරෝධායන නීති කඩකරන්නන් සොයා පොලිසීය මේ දිනවල දිගින් දිගටම වැටලීම් කරති. ඉන් නොනැවතී ඔවුන් ගුවන් හමුදා,…

Read More

රොෂේන් චානක ඝාතනයට වසර 10 යි! | Roshen Chanaka

Read More

හැමෝම හිතූමතේ නිරෝධායනය කරන්න බැහැ – උපුල් රෝහණ

upul rohana

රටේ විවිධ මාධ්‍ය වල ඊයේ (31) දවසම කථාබහට ලක් වු මාතෘකා දෙකකි. ඒ් කුරුණෑගල පොලිසීය විසින් කුරුණෑගල නගරාධිපතිවරයාගේ උපන් දිනය සැමරීම හා රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් විජේසිංහ මහතාගේ උපන්දිනය කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පවත්වමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත් වීමේ පුවතය. සංචරණ සීමා පනවා ඇති අවස්ථාවක, නිරෝධායන නීති නොතකා මොවුන් මෙලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් රටේ සියලු දෙනාගේ අවධානය යොමු වුයේ ඔවුන්ටද නීතීය එක සේ ක්‍රියාත්මක වන බව සොයා බලමිනි. පිරිත් සජ්ජායනයක් පැවැත්වීම සඳහා පොලීසියෙන් අවසර ලබාගෙන නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කුරුණෑගල නගරාධිපති  තුෂාර සංජීව මහතා උපන් දිනය සමරන අයුරු විවිධ මාධ්‍ය වල පළ…

Read More

පළිගැනීමේ කමිටුවේ නිර්දේශ ප්‍රජාතන්ත්‍රවාදයෙන් පළි ගැනීමක්ද?

ආණ්ඩුවක් මාරුවී අලුත් ආණ්ඩුවක් පත් වන විට රජයේ කාර්යාලවල සේවය කරන අයට විවිධ ආකාරයේ දුක් ගැහැට විදින්නට සිදු වූ කාලයක් තිබුණේය. පරාජයට පත් වන දේශපාලන පක්ෂයට සහාය ලබාදුන් රාජ්‍ය නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලැබීම ලංකා දේශපාලන සංස්කෘතියේ අංගයක් බවට පත් වූ කාලයක් විය. එහෙත් ඒ සංස්කෘතිය කාලයේ වැලි තලාවෙන් වැසී ගොස් තිබුණේය. එහෙත් අළු යට ගිනි පුපුරු සේ දේශපාලන පළිගැනීම් ගැන කතා පසුගිය කාලයේදී යළිත් හිස එසවූවේය. ඒ දේශපාලන පළිගැනීම් පිළිබද ජනාධිපති කොමිසමත්, එම කොමිසමේ නිර්දේශ මත පත්කරනු ලැබූ විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවත් නිසාය. උපාලි අබේරත්න කොමිසම යහ පාලන ආණ්ඩු…

Read More