බුවනෙකබාහු රාජ සභාවේ අවුල හා ලංකා ඉතිහාසයේ ආගමික විහිලුව

බුවනෙකබාහු රාජ සභාවේ අවුල හා ලංකා ඉතිහාසයේ ආගමික විහිලුව

ලංකාවට අතිශයින් දීර්ඝ ලිඛිත ඉතිහාසයක් ඇතැයි කියයි. ලංකා‍වේ ලිඛිත ඉතිහාසයට ප්‍රධාන වශයෙන් මූලාශ්‍ර කොට ගන්නේ මහාවංශයයි. මහාවංශය ලිවීම ආරම්භ කාලයටත් එහා ගිය ඉතිහාසයක් මහාවංශයේ ලියවෙයි. මහාවංශයේ ප්‍රධාන චරිතය දුටුගැමුණු මහ රජය. නමුත් මහාවංශය ලියවෙන්නේ දුටුගැමුණු යුගයට බොහෝ කලකට පසුය. ශ්‍රී ලංකාවට වසර 2500 ක ලිඛිත ඉතිහාසයක් ඇතැයි කීවද එකී ලිඛිත ඉතිහාසයෙන් සැලකිය යුතු කාල පරිච්ඡේදයක් ලියා ඇත්තේ අතීත කාලයෙනි. එනම් මහාවංශයේ රචකයා දුටුගැමුණු යුගය ඇතුළු යුග ගණනාවක් ගැන ලියන්නේ අසා දැන ගැනීමෙන් හෝ වෙනයම් ද්විතීක මූලාශ්‍ර වලින්ය. මහාවංශය ලියන්නේ බෞද්ධ භික්ෂුවකි. ඒ මහානාම හිමිය. ඒ නිසාමද මහාවංශයේ ඉතිහාසය බෞද්ධාගමට බොහෝ…

Read More

භික්ෂුණීන්ගේ ඡන්ද අයිතිය වෙනුවෙන්, මානව හිමිකම් කොමිසම

ඡන්ද කාලෙට මානව හිමිකම් කොමිසමටත් භික්ෂුණීන් වහන්සේලා මතක් වේ!

භික්ෂුන් පාර්ලිමේන්තුවට යන ශ්‍රී ලංකාවේ  භික්ෂුණීන් වහන්සේට හැඳුනුම්පත නිසා ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය නැතිවීම  සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබේ. භික්ෂුණීන් ඡන්ද අයිතියට බාධාවක් වීම වලක්වා ලීමේ ප්‍රායෝගික විකල්ප ක්‍රමවේදයක් ලෙස මැතිවරණය සදහා සැකසු විශේෂ හැදුනුම්පතක් හදුන්වා දීම සුදුසු  බවයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව යෝජනා කරන්නේ. “භික්ෂුනීන් හට ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රමවේදයේ ගැටළුවක් පවතින බැවින් ඒ සදහා ප්‍රායෝගික විකල්ප ක්‍රමවේදයක් ලෙස මැතිවරණය සදහා සැකසු විශේෂ හැදුනුම්පතක් හදුන්වාදීම. එහිදී ” පුජ්‍ය පක්ෂය ” ලෙස හැදුනුම්පතෙහි පොදුවේ දැක්වීම මගින් භික්ෂුනීන්හට ද සිය ඡන්දය භාවිත කිරීමට…

Read More

රියැලිටි ෂෝ වැඩ පෙන්වයි – දෙමාපියනි දැන්වත් අවදි වෙන්න!

රියැලිටි ෂෝ වැඩ පෙන්වයි - දෙමාපියනි දැන්වත් අවදි වෙන්න!

රියැලිටි ෂෝ පළමුවෙන්ම පටන් ගත්තේ පෞද්ගලික රූපවාහීනි නාලිකාය. ඒ ලාභ ඉපයීමේ අරමුණෙනි. මෙය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වී අද පෞද්ගලික නාලිකා වල අත්‍යවශ්‍ය  වැඩසටහනක් බවට පත්ව ඇත. අද්වීතීය බව පෙන්නුම් කිරිමට එකී රියැලිටි ෂෝ එකෙහි නිවේදකයාගේ සිට පසුතල නිර්මාණකරුවා දක්වාම දැඩි උත්සහායක් ගන්නේය. නමුත් මෙවැනි රියැලිටි ෂෝ වල දැන් අමුතු අමුතු දේවල්ද සිදුවෙන්නට පටන් ගෙන ඇති බව ඊයේ (26) අප මාධ්‍ය හරහා දුටුවෙමු. ඒ රියැලිටි ෂෝ පසුතල නිර්මාණකරුවෙකු එම වැඩසටහන් වලට සහභාගි වූ පිරිමි දරුවන් අපයෝජනය කර තිබීමය. පෞද්ගලික උපකාර පන්ති ගුරුවරයෙකුද වන මොහු පන්නිපිටිය පදිංචි පනස් හතර හැවිරිදි අයෙකි. පොලීසිය…

Read More

මෛත්‍රීපාලට වඩා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයිතියක් මට තියෙනවා –  ලොහාන් රත්වත්ත

මෛත්‍රීපාලට වඩා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයිතියක් මට තියෙනවා - ලොහාන් රත්වත්ත

හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වඩා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් තමන්ට අයිතිවාසිකමක් ඇතැයි මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත මහතා පවසයි. ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසු ජාත්‍යන්තරය අතර මතුවී ඇති මතය පිළිබදව දැනුවත් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා සමඟ තමන් විදේශගත වී සිටිය දී සිය පාතදුම්බර ආසන සංවිධායක ධුරය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ඉවත් කිරීමට එවකට සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා කටයුතු කර තිබෙන බව මහනුවර උඩුදුම්බර දී පැවති ජනහමුවකට එක්වෙමින් ලොහාන් රත්වත්ත මහතා ප්‍රකාශ කළේය. තමන්ගේ සාමාජිකත්වය ඉවත් කර තිබුණත් පවතින බිය හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ සාමාජිකත්වය…

Read More

පසිඳුට එල්ලවූ කළුතර පොලීසියේ පිස්තෝලය : හැම පොලීසියම අඟුලාන වගේද? 2 කොටස

පසිඳුට එල්ලවූ කළුතර පොලීසියේ පිස්තෝලය - හැම පොලීසියම අඟුලාන වගේද? 2 කොටස

අප ගියවර ලිපියෙන් අඟුලාන පොලිස් නිළධාරියෙක්ගේ වෙඩිපහරට ලක්ව අහිංසකයෙක් මියයෑම සහ ඉන්පසුව අඟුලාන ප්‍රදේශයේ ඇතිවූ තත්තවය පිළිබඳව කතා කළෙමු. මේ වනවිට අඟුලාන ඝාතනය පිළිබඳව රහස් පොලිස් විමර්ශන සිදුවන බව දැනගන්නට ඇත. ඊට අමතරව වින්දිතයන්ගේ පාර්ශවයෙන් යුක්තිය සඳහා වූ අධිකරණ ක්‍රියාවලියක් ඇරඹී ඇති බව දැනගන්නට ලැබේ. ඊට අමතරව අප එම ලිපිය තුළම කළුතර අපරාද කොට්ඨාශය පයාගල පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක්ට, පිස්තෝලයක් ගත්තා යැයි අභූත චෝදනාවක් එල්ල කරමින්, එම පොලිස් පොඩ්ඩාට විරුද්ධව කළුතර පොලීසියේ ලොක්කන් මුදාහල පොලිස් ප්‍රචණ්ඩත්වය පිළිබඳව ද කතා කළෙමු. අද අප නැවත කතා කරන්නට හදන්නේ එම සිද්ධියටම…

Read More

ප්‍රශ්නය අපිට නීතිමය බලයක් නොදීමයි – උපුල් රෝහණ

ප්‍රශ්නය අපිට නීතිමය බලයක් නොදීමයි – උපුල් රෝහණ

කොවිඩ් 19 පාලනය කිරීමේ කටයුතු සම්බන්ධයෙන් බලය නොපැවරවීම හේතුවෙන් ඇතිව තිබෙන ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා අවශ්‍ය නීතිමය පසුබිම සකස් කර දෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් ඉල්ලීම් කරමින් තිබුණේ මාස ගණනකට පෙර සිට ය. ඔවුහු අවස්ථා කීපයකදීම වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වුවත් රටේ පැවති තත්ත්වය සලකා බලා සහ බලධරයින් විසින් නිසි විසඳුම් දේ යැයි අපේක්ෂාවෙන් ඒවා නතර කළහ. එහෙත් ඔවුන් මුහුණදෙන ගැටලුසහගත තත්ත්වයට දිගින් දිගටම විසඳුම් නොලැබීම හේතුවෙන් ජූලි 17 වන දින දහවල් සිට ඔවුහු කොවිඞ් පාලනයට අදාළ සියලු රාජකාරිවලින් ඉවත් වූහ. මේ, ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය…

Read More

රුසියාව චන්ද්‍රිකා අවි අත්හදා බැලීමක – අමෙරිකාවෙන් සහ එක්සත් රාජධානියෙන් චෝදනා

අභ්‍යවකාශයේ රඳවා ඇති චන්ද්‍රිකා ඉලක්ක කොට පහරදිය හැකි අවියක් විය හැකි මිසයිලයක් රුසියාව විසින් අත්හදා බලන ලද බවට ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය චෝදනා කරති. ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරන ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ”රුසියාව විසින් මෑතදී අභ්‍යවකාශ චන්ද්‍රිකා නාශක මිසයිලයක් වියහැකි අවියක් අත්හදා බැලීම” කණගාටුවට කරුණක් බව සඳහන් කර ඇත. ඉන්පෙර ප්‍රකාශයක් කළ රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය කියා තිබුණේ, තම අභ්‍යවකාශ උපකරණ පරීක්ෂා කිරීමට යොදා ගනු ලබන නව තාක්ෂණය සියරට විසින් භාවිතයට ගනු ලැබූ බවය. රුසියාවේ නව චන්ද්‍රිකා තාක්ෂණය සම්බන්ධයෙන් එක්සත් ජනපදය මින් පෙරත් මැසිවිලි නගා තිබිණි. එහෙත් රුසියාවේ මෙවැනි අභ්‍යවකාශ…

Read More

මම තාමත් ඒක්සත් ජාතික පක්ෂයේ  – මංගල සමරවීර

මම තාමත් ඒක්සත් ජාතික පක්ෂයේ – මංගල සමරවීර

කෝවිඩ් 19 ත් ඒක්ක ඇඳිරි නීතිය ත් ආවා. ඒ් හේතුවෙන් මගේ අවුරැදු 30 ක පමණ දේශපාලන ජීවිතයේ විශාල අවකාශයක් නිර්මාණය වුනා අපේ රටේ දේශපාලණය ගැන අලුතින් හිතන්න. මම විශාල ගැටලුවකට මුහුණ දීල හිටියේ මේ යන දේශපාලනය පිළිබදව. කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මිය ගිය මුස්ලිම් ජාතිකයින් අදාහනය කිරීමට ඒරෙහිව  ස්ථාවරයක් ගත යුතු බවට මා සමගි ජන බලවේගයට දැන් වුවා. ඒමෙන්ම, සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබාදීමට විරැද්ධ විය යුතු බවට මා ප්‍රකාශ කළා. නමුත් මේ කිසිවක් සම්බන්ධව ස්ථාවරයක් ගන්නට සමගි ජන බලවේගයට නොහැකි වුනා. මේවත් ඒක්ක මට කල්පනා වුනා මගේ ප්‍රථිපත්තීන්…

Read More

යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්ය කුමාරවඩිවේල් ගුරුබරන් මහතාට බලපෑම්.!

යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්ය කුමාරවඩිවේල් ගුරුබරන් මහතාට බලපෑම්.!

යාපනය විශ්වවිද්‍යාලයේ නීතිපීඨාධිපති ලෙස කටයුතු කරනු ලබන ආචාර්ය කුමාරවඩිවේල් ගුරුබරන් මහතාට ඒල්ලවන බැලපෑම් පිළිබදව ලංකා ගුරු සංගමය විසින් විශ්ව විද්‍යාල කොමිෂන් සභාව වෙත දන්වා තිබේ. උතුරේ සිදු වූ අතුරුදහන් වූවන් සම්බන්ධව යුක්තිය ඉටුකරවා ගැනීම වෙනුවෙන් ඒ සම්බන්ධව පවතින නඩු කටයුතු ගණනාවකට ගුරුබරන් මහතා ඉදිරිපත්වීම නිසා ඒ මහතාට මෙසේ බලපෑම් ඉදිරිපත්ව ඇති බව ලංකා ගුරු සංගමය පවසයි. මේ සම්බන්ධව මාධ්‍ය නිවේදනයක් ඒහි ලේකම් විසින් නිකුත්කර තිබේ. අතුරුදහන් වූවන් පිළිබඳ නඩු කටයුතුවලට සහභාගි වූ යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්ය කුමාරවඩිවේල් ගුරුබරන් මහතාට විවිධ බලපෑම්. යාපනය විශ්ව විද්‍යාලයේ නීතිපීඨාධිපති ප්‍රධානී තනතුරේ සිටින ආචාර්ය කුමාරවඩිවේල් ගුරුබරන්…

Read More