
අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 142 වාදූරුප්ප ග්‍රාම නිලධාරී වසමේ පදිංචි රාජ්‍ය නිළධාරිණියකගේ ස්වාමි පුරුෂයා හට අංක 144 අම්බලන්තොට උතුර ග්‍රාම නිධාරී වසමේ ග්‍රාම නිළධාරී විසින් ඔහුගේ බලය අවභාවිතා කර අස්වැසුම ලබා දී ඇති බවට තොරතුරු වාර්තාවේ.
සිද්ධිය පිළිබඳව අදාල ප්‍රථිලාභියාගේ බිරිඳ වූ රාජ්‍ය නිළධාරිනිය අප සමග කියා සිටියේ ඇය රාජකාරිය පිට දිස්ත්‍රික්කයක සිදූකරන බැවින් ඇය සහ ඇයගේ දියණිය එම ප්‍රදේශයේ නේවාසිකව හිඳ රැකියාවෙ නිරත වන බවත්, තම ස්වාමි පුරුෂයා වාදූරුප්ප ග්‍රාම නිළධාරි වසමේ පිහිටි ඔහුගේ මහ ගෙදර පසුවන බව හා තම ස්වාමිපුරුෂයාට යාබද ග්‍රාම නිළධාරි වසමක් වූ අංක 144 අම්බලන්තොට උතුර ග්‍රාම නිළධාරි විසින් අස්වැසුම ලබාදීම ඇය නොදැනුවත්ව සිදූකර ඇති බවත්ය. අදාල ග්‍රාම නිලධාරීවරයා විසින් කාගේ හෝ අවශ්‍යතාවයකට ඇයහට අපහාස කිරීමට හා ඇයගේ රැකියාවේ ප්‍රශ්න ඇති කිරීමට මෙය සැලසුම් සහගතව සිදූකළ ක්‍රියාවක් බවට ප්‍රථිලාභියාගේ බිරිඳ වූ රාජ්‍ය නිළධාරිනිය චෝදනා කරයි.
මේ සම්බන්ධව අදාළ ප්‍රථිලාභියාගේ බිරිඳ වූ රාජ්‍ය නිළධාරිනිය විසින් මෙම සිද්ධිය පිළිබදව දැන ගැනීමෙන් අනතුරුව පසු ගියදා අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් වෙත සිද්ධියට අදාළව කළ පැමිණිල්ලෙන් අනතුරුව අදාළ ග්‍රාම නිළධාරී විසින් අදාළ ප්‍රථිලාභියා සිටි ස්ථානය වෙත ගොස් ඔහුට තර්ජනය කර ලිපි ලේඛණ කීපයකට අත්සන් රැගෙන ගොස් ඇති බව එම පුද්ගලයාගේ බිරිඳ වූ රාජ්‍ය නිළධාරිණිය අප සමග කියා සිටීහ, එයට එරෙහිවද අදාළ රාජ්‍ය නිළධාරිනිය විසින් වගකිව යුතු බළධාරීන් වෙත මේ වනවිට ලිඛිතව පැමිණිලි කර ඇතත් මෙතෙක් ඒ පිළිබදව විමරශණයක් අරඹා නැති බව ඇය විසින් අප සමග කියා සිටීහ.
අස්වැසුම සුභ සාධන ප්‍රථිලාභ වැඩසටහන යනු ශ්‍රී ලංකා රජය විසින් අතීශය දුප්පත් හා අවධානමට ලක්විය හැකි පවුල් සඳහා මූල්‍යාධාර ලබාදෙන ක්‍රමයකි. මෙමගින් තෝරාගත් ප්‍රථිලාභීන්ට ඔවුන්ගේ අවශ්‍යතාවය අනුව ප්‍රථිලාභ හිමිකර දීමක් සිදුකරනු ලබයි. අස්වැසුම සුභ සාධන ප්‍රථිලාභ වැඩසටහනේ නීති රෙගුලාසි අනුව, ප්‍රථිලාභීන් තෝරාගැනීමේදී අදාළ නිලධාරීන් විසින් නිසි පරිදි විමර්ශණයක් සිදුකළ යුතුය. මෙම සිද්ධිය පිළිබදව නිරීක්ෂණය කිරීමේදී අදාල ග්‍රාම නිළධාරීවරයා විසින් ඔහුගේ බලය අවභාවිතාකර නීති විරෝධීව කටයුතු කර ඇති බව පෙනේ.
