නඩු කටයුතුවලට අදාළ මුදල් බැංකු කාඩ්පත් මඟින් ගෙවීමේ පහසුකම සැලසේ.

අධිකරණ පද්ධතිය

මහජනතාව විසින් අධිකරණ පද්ධතියට කරනු ලබන ගෙවීම් ස්වයංක්‍රීයකරණය කිරිම සඳහා මූලික පියවරක් වශයෙන් කාඩ්පත් ගණුදෙනු පහසුකම් අධිකරණ පද්ධතියට හදුන්වාදීම ඊයේ (10) පස්වරුවේ ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේදී සිදු විය.

මෙම ගෙවුම් පද්ධති ස්වයංක්‍රීයකරණය මගින් ඉදිරියේදි මහේස්ත්‍රාත් අධිකරණයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා වන අධිකරණ දඩ ගෙවීම්, නඩු ගාස්තු, මුද්දර ගාස්තු, සහතික පිටපත් ගාස්තු යන සියලු ගෙවීම් කාඩ්පත් මගින් හා මාර්ගගත ගෙවීම් පද්ධතිය හරහා අන්තර්ජාලය මගින් ගෙවීම් සිදුකිරිමට මහජනතාවට පහසුකම් සැලසේ.

නීතිඥවරුන්ට සහ මහජනතාවට ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කටයුතු හා ගෙවීම් සිදු කිරීමේදී DEBIT සහ CREDIT කාඩ් මඟින් ගෙවීමේ පහසුව අද සිට ලබා දී ඇත.

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල් කිරීම සඳහා ගරු අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මැතිතුමාගේ මාර්ගෝපදේශනය යටතේ ක්‍රියාත්මක වන කඩිනම් වැඩපිළිවෙල 2025.09.12 වන දින අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මැතිතුමාගේ සහභාගිත්වයෙන් කොළඹ අලුත්කඩේ විනිශ්චයකාරවරුන්ගේ පුහුණු ආයතන ශ්‍රවණාගාරයේ දි ආරම්භ කිරිමට නියමිතව ඇත.

Social Sharing
අවකාශය නවතම