
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරයට සහභාගී වීම සඳහා විදේශ කටයුතු, විදේශ සේවා නියුක්ති හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද පෙරවරු 6:45ට ජිනීවා බලා පිටත්ව ගියේය. සැසිවාරය හෙට (8) ආරම්භ වේ.
නව ජාතික ජන බලවේගය (NPP) රජය බලයට පත්වීමෙන් පසු පළමු වරට මෙරට මානව හිමිකම් ප්‍රගතිය පිළිබඳව කවුන්සිලයට කරුණු ඉදිරිපත් කෙරෙනු ඇත. අමාත්‍යවරයා නව රජය මානව හිමිකම් ආරක්ෂණය සඳහා ගත් ක්‍රියාමාර්ග, ප්‍රගතිය සහ අනාගත සැලසුම් පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
මෙම සංචාරය අතරතුර, අමාත්‍යවරයා ජිනීවාහි සිටින ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා සමඟ විශේෂ හමුවක් ද සැලසුම් කර ඇත.
විදේශ අමාත්‍යාංශයේ එක්සත් ජාතීන් සහ මානව හිමිකම් පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් දයනි මෙන්ඩිස් මහත්මිය ද මෙම සැසිවාරයට සහභාගී වේ.
