
ශ්‍රී ලංකාවෙන් ගිය අදානි සමාගමට රුපියල් මිලියන 300ත් 500ත් අතර මුදලක් ගෙවීමට සිදුවිය හැකි බව බලශක්ති අමාත්‍යාංශය පවසා සිටින අතර අමාත්‍යංශය පවසන ආකාරයට එය වන්දි ගෙවීමක් නොවන අතර ඔවුන් දැරූ මූලික වියදම් ප්‍රතිපූරණය කිරීමක් පමණක් බවයි.
තවද අමාත්‍යංශය පවසන ආකාරයට එලෙස ගෙවීමට සිදුවන මුදල සම්බන්ධයෙන් මෙතෙක් අවසන් එකඟතාවයකට එළැඹ නොමැති බවයි.
ඉන්දියාවේ අදානි සමාගම මීට මාස කිහිපයකට පෙර නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ මන්නාරම් ප්‍රදේශයේ සුළං විදුළි බලාගාර පද්ධතියක් ඉදිකිරීමේ ව්‍යාපෘතියෙන් ඉවත් වන බවයි.
මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අනුමැතීන් බොහෝමයක් ලැබී තිබුණත් පරිසර නිෂ්කාශන වාර්තා ලැබීම ප්‍රමාද වෙමින් ඇති බවත්, මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාගවෙමින් තිබීමත් හේතුවෙන් ඇතිවූ ප්‍රමාදයන් මත මෙලෙස ව්‍යාපෘතියෙන් ඉවත් වන බවයි එහිදී අදානි සමාගම පවසා සිටියේ.
