ජනධිපති සමාව යටතේ අනීතිකව නිදහස් කළ සිරකරුවන් ප්‍රමාණය 212ක්!

මෙම වසරේ නිදහස් දින, වෙසක් පොහෝ දින, සහ නත්තල දිනයන් වෙනුවෙන් ජනපති පොදු සමාව යටතේ අනිතීකව නිදහස් කර ඇති සිරකරුවන් ප්‍රමාණය 212 දෙනෙක් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් සිදුකරන ලද විමර්ශනවලින් හෙළි වී තිබේ.

ඒ අනුව නිද­හස් දින ජන­පති සමා­වෙන් නිද­හස් කිරී­මට අනු­මැ­තිය ලැබී ඇත්තේ 274 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් වන අතර වෙසක් දින නිදහස් කිරීමට අනුමැතිය ලැබී ඇත්තේ සිරකරුවන් 388කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වේ. තවද නත්තල් දින නිදහස් කිරීමට අනුමැතිය ලැබී ඇත්තේ සිරකරුවන් 322කට ආසන්න පිරිසකට පමණි. මෙම පිරි­සට අම­ත­රව අනු­මැ­තිය නොලද සිර­ක­රු­වන් මේ සෑම විශේ­ෂිත දින­ය­ක­දීම නිද­හ­ස්කර ඇති බව විම­ර්ශ­නයේ දී අනා­ව­ර­ණය වී ඇති බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් සඳ­හන් කළේය.

මෙසේ නිද­හස් කළ සිර­ක­රු­වන් සම්බ­න්ධ­යෙන් ගන්නා ඉදිරි ක්‍රියා­මාර්ග ගැන අධි­ක­රණ අමා­ත්‍යාං­ශය විසින් යම් පිය­ව­රක් ගනු ඇති බව ද එම නිල­ධා­රියා පවසයි. දැනට හෙළි­වෙ­මින් ඇති කරු­ණු­ව­ලට අනුව බන්ධ­නා­ගාර පද්ධ­තිය තුළ සිදුව ඇති මෙම අනී­තික ක්‍රියාව සම්බ­න්ධ­යෙන් කරුණු අධ්‍ය­නය කිරී­මට ජන­පති කොමි­ස­මක් හෝ ඒ හා සමාන බල­තල ඇති කමි­ටු­වක් පත්කි­රී­මට පවා සිදු­වනු ඇති බව එම නිල­ධා­රියා සඳ­හන් කළේය.

මෙම අනී­තික ක්‍රියා­වට සම්බන්ධ වූ බන්ධ­නා­ගා­රයේ නිල­ධා­රීන් කිහිප දෙන­කුම හඳු­නා­ගෙන ඇති බවත් ඒ අය සම්බ­න්ධ­යෙන්ද කඩි­න­මින් ඉදිරි පිය­වර ගනු ඇති බවත් එම උසස් පොලිස් නිල­ධා­රියා වැඩි­දු­ර­ටත් පවසයි.

Social Sharing

අවකාශය නවතම