2025 වසරේ පළමු මාස තුනට අල්ලස් පැමිණිළි 1267ක්.

2025 වසරේ ගතවු පළමු මාස 03 තුළ ඇතුළත අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 1,250කට අධික බවට වාර්තා වේ. ඒ අනුව ජනවාරි පළමු දා සිට මාර්තු මස 31 වන දා දක්වා කාලය තුළ පැමිණිලි 1,267ක් ලැබී ඇති බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසා සිටියි.

ඒ අනුව ගෙවී ගිය පළමු මාස තුන ඇතුළත දිවයින පුරා වැටලීම් 24ක් සිදුකර ඇති අතර එහිදී සැකකරුවන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් සැකකරුවන් හය දෙනෙකුම පොලිස් නිලධාරීන් වන අතර විදුහල්පතිවරයෙකු, කම්කරු නිලධාරියෙකු, ක්ෂේත්‍ර නිලධාරියෙකු සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරියෙකු ඒ අතර වන බව සඳහන්ය. එමෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු, සංවර්ධන නිලධාරියෙකු, අධිකරණ අමාත්‍යංශ සේවකයෙකු, පළාත් ආදායම් දෙපාර්තමේන්තු තක්සේරු නිලධාරියෙකු සහ සිවිල් පුද්ගලයින් 06 දෙනෙකු ද සිදුකළ වැටලීම් තුළින් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව චුදිතයින් 24 දෙනෙකුට එරෙහිව අධිකරණවල නඩු පැවරීම් 21ක් සිදුකර ඇති බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් පවසා සිටියි.

Social Sharing
නවතම පුවත්