මහජනතාවගේ කථා කිරීමේ අයිතිය ව්‍යාවස්ථාවෙන් ලබා දුන් එකක් නොවේ! – නීතිඥ ටිරන්ත වරලියද්ද

ආණ්ඩුවක් පවතින්නේ මහජන මතය මත බවත් එය මර්ධනය කළහොත් ආණ්ඩුවක් පවත්වාගෙන යා නොහැකි බව ජනාධිපති නීතිඥ ටිරන්ත වරලියද්ද මහතා පවසයි.

මහජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අවහිර කළහොත් මහජනතාවගේ අසා සිටීමේ ජනතාවගේ අයිතිය අහිමි වන බවත් මෙය  ඉදිරියේදී මහා ගැටලුවක් ඇති විය නිමිත්තක් විය හැකි බවද ඔහු පවසයි.

මහජනතාවගේ කථා කිරීමේ අයිතිය ව්‍යාවස්ථාවෙන් ලබා දුන් එකක් නොවන බවත් එය මනුෂ්‍යයාගේ අවේණික දෙයක් බවත් ව්‍යාවස්ථාවෙන් එය තවදුරටත් හඳුනා ගැනීමක් පමණක් සිදු කර ඇතැයිද ඒ මහතා පවසයි.

කථා කිරීමේ නිදහස මර්දනය කළ විට මහජනතාව නිශ්ශබ්ද වන බවත් මහජනතාවගේ නිශ්ශබ්දතාවය යනු බොහෝ බරපතල දෙයක් යැයිද පවසන ඒ මහතා පෙන්වා දෙන්නේ මෙය ඉතාම මෝඩ වැඩක් බවය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් මහතාගේ බිරිඳ විසින් පහුගියදා පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාව මාධ්‍ය වල පළ නොවීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. ඒ මහත්මිය හා භාරත ලක්ෂ්මන් නඩුව වෙනුවෙන් පෙනී සිටි මෙම නීතිඥවරයා විසින් සඳහන් කර තිබුණේ මරණ දඬුවමට නියමිතව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ජනාධිපති පොදු සමාව ලැබීම  පිලිබඳවය.

-ශානි-

Social Sharing
නවතම