රජීව් ජයවීර සිද්ධිය ඝාතනයක්ද?

මහින්ද රාජපක්ෂ සමයේ මිහින් ලංකා ඇතුලු එයාර් බස් ගණුදෙණුව ගැන තොරතුරු අනාවරණය කළ රජීව් ජයවීර මහතාගේ මළ සිරුර අද (12) දින කුරුඳුවත්ත, නිදහස් චතුරස්‍රය අසල තිබි කුරුඳුවත්ත පොලිසිය විසින් සොයාගෙන ඇත.

මොහු බම්බලපිටිය, පොලිස් උධ්‍යාන මාවතේ පදිංචිව සිටි අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක ශ්‍රේණියේ නිලධාරියෙකි. හැට හතර වියේ පසු වු රජීව් ජයවීර මහතා ද කලම්බු ටෙලිග්‍රාප් වෙබ් අඩවියට එයාර් බස් ගණුදෙණු වංචාව සම්බන්ධයෙන් ලිපි ලියු අයෙකි.

මළ සිරුර උදෑසන සොයා ගන්නා අවස්ථාවේදි ඒ අසල තිබි මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක්ද සොයා ගෙන ඇති බව පවසන පොලිසිය තවම මෙය ඝාතනයක්ද, සියදිවි නසා ගැනීමක්ද කියා නිශ්චිතවම ප්‍රකාශයට පත් කර නැත.

නමුත් රජීව් ජයවීම මහතා උද්‍යානයේ වැටී සිටි ආකාරයෙන් පිළිඹිබු වන්නේ ඔහුව පැහැර ගැනිමකට ලක්ව ඇති බවය.

Social Sharing
නවතම