
ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය (Chartered Institute of Media Professionals of Sri Lanka) පිහිටුවීම සඳහා වන පනත් කෙටුම්පත රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
ජුනි 05 වැනිදා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මෙම පනත් කෙටුම්පත ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒ අනුව යෝජිත ආයතනය සංස්ථාපිත මණ්ඩලයක් ලෙස ස්ථාපිත කිරීමට නියමිතය.
මෙම නීතිමය පියවර මගින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්රයේ නියැලී සිටින වෘත්තිකයන් සඳහා වෘත්තීය ප්රමිතීන් ඉහළ නැංවීම, මාධ්‍ය වෘත්තියේ ගුණාත්මකභාවය සහ වගකීම් සහගතභාවය තහවුරු කිරීම, පුහුණුව සහ වෘත්තීය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම යන අරමුණු ඉටු කිරීමට අපේක්ෂා කෙරේ.
යෝජිත පනත් කෙටුම්පත මගින් මාධ්‍ය වෘත්තිකයන් සඳහා වෘත්තීය සුදුසුකම්, ආචාරධර්ම සහ වෘත්තීය ප්රමිතීන් සම්බන්ධයෙන් ආයතනික රාමුවක් ස්ථාපිත කිරීමට ද අපේක්ෂා කරන බව සඳහන් වේ.
