
සයිබර් අපාරාධ පිළිබඳ පැමිණිලි කඩිනමින් විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආන්නද විජේපාල මහතා අද(20) පාර්ලිමේන්තුවේදී පැවසිය.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව පැවසීය.
2020 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකා පොලීසියට සයිබර් මූල්‍ය අපරාධ පිළිබඳ පැමිණිලි 5634 ක් වාර්තා වී තිබේ. දිනකට පරිගණක අපාරාධ සම්බන්ධ පැමිණලි 25ක් පමණ වාර්තා වන බවද අමාත්‍යවරයා කීය.
විශේෂයෙන් උතුරු පළාතේ වැඩි වශයෙන් මෙම සයිබර් අපරාධ පිළිබඳ පැමිණිලි වාර්තා වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එහිදී, උතුරු පළාතේ 2020 වර්ෂයේ සයිබර් අපරාධ 24ක් , 2021 වසරේ දී 577ක්, 2022 වසරේ දී 654ක්, 2023 වසරේ දී 472ක්, 2024 වසරේ දී 1,539ක් ලෙස පැමිණි වාර්තා වූ බව ද අමාත්‍යවරයා පැවසීය.
ඉදිරියේදී පළාත් රැසක් ආවරණය වන පරිදි පරිගණක අපරාධ විමර්ශන උප ඒකක ස්ථාපිත කර පළාත් මට්ටමින් විමර්ෂණ සිදු කිරීමට කටයුතු කරන බවද සයිබර් අපාරාධ පිළිබඳ පැමිණිලි කඩිනමින් විසඳීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා කීය.
