සහතිකපත් ලබා ගැනීමට පාසලට ගිය උසස් පෙළ සිසුවාට ගුරුවරු පහරදී රෝහලේ..

උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව පසු වූ පාසල් සිසුවෙකුට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජාතික පාසලක ගුරුවරු කීප දෙනෙකු විසින් පහරදී තුවාල සිදුකිරීම හේතුව මත පහර කෑමට ලක් වූ පාසල් සිසුවා අම්බලන්තොට රෝහල වෙත යොමු කිරීමෙන් අනතුරුව, එම රෝහල විසින් හම්බන්තොට මූලික රෝහල වෙත නේවාසික ප්‍රතිකාර සඳහා යොමු කළ බව පහර කෑමට ලක් වූ සිසුවාගේ මව විසින් අප සමග කියා සිටියහ.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ අම්බලන්තොට, ලුණම පදිංචි අදාළ ජාතික පාසලේ 13 ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරන, එළඹෙන 10දා අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව පසු වූ 19 හැවරිදි සිසුවකු වේ.

මොහු විසින් පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල් තනතුර සඳහා අයදුම්කර ඇති බැවින් එම දෙපාර්තමේන්තුව වෙත මොහුගේ අදාළ සහතික පත් ඉදිරිපත් කිරීමට අවශ්‍ය බැවින් හා ඉදිරියේදී පාසල් නිවාඩු ලබා දෙන හෙයින් මොහු විසින් 2025.11.06 වන දින පාසල් නිල ඇඳුමෙන් තොරව පාසල් කාලය තුළ අදාළ ජාතික පාසල වෙත ගොස් අදාළ ගුරුවරයාගෙන් අදාළ සහතිකපත් ඉල්ලා ඇති අතර, එය ලබාදීමට වෙනත් ගුරුවරයකු පැමිණිය යුතු බව අදාළ ගුරුවරයා විසින් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මොහුට පාසලේ පැය කිහිපයක් රැඳී සිටීමට සිදුව ඇත.

මේ අතරතුර මොහුට මුද්‍රා කිරීමට අවශ්‍ය වී ඇති බැවින් මොහු පාසලේ වැසිකිළිය වෙත ගොස් මුත්‍රාකර පැමිණෙනවිට පාසලේ ගුරුවරයකු පැමිණ මොහුගේ බෙල්ලෙන් අල්ලාගෙන විදුහල්පතිගේ කාර්යාලය වෙත රැගෙන ගොස් මොහු විසින් වැසිකිළිය තුළ දුම් පානය කළ බවට චෝදනා කරමින් අදාළ ගුරුවරයා ප්‍රමුඛ ගුරුවරු කිහිප දෙනෙකු විසින් මොහුගෙන් ප්‍රශ්න කරමින්, මොහුට කාමරයේ දොර වසා පහරදීමේදී අදාළ සිසුවාගේ අතක් කැපී බරපතල ලෙස තුවාල සිදුවී ඇති බැවින් අදාළ සිසුවා අම්බලන්තොට රෝහල වෙත පාසල් බළධාරීන් විසින යොමු කර ඇති අතර, අම්බලන්තොට රෝහල විසින් මෙම සිසුවා හම්බන්තොට මූලික රෝහල වෙත නේවාසික ප්‍රතිකාර සඳහා යොමු කළ ඇති බවත්, එකී රෝහලේ නේවාසික ප්‍රථිකාර ලබමින් පසු වූ සිසුවා බැලීමට යයි පවසා 06දා සවස පැමිණි අදාල පාසලේ විදුහල්පති විසින් මෙම සිද්ධිය ගොඩින් බේරා ගන්නා ලෙසටත්, එසේ නොවන්නේනම් සිසුවාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවට බලපෑම් කර ගිය බවද සිසුවාගේ මව විසින් අප සමග කියා සිටියහ.

ගුරුවරයෙකු යනු අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පාලනය වන රජයේ සේවකයෙකි, එනම් ඔහු රාජ්‍ය බලය අනුව ක්‍රියාත්මක පරිපාලන විධායකයේ කොටසකි. ඔහු හෝ ඇය යම් දරුවෙකුට (සිසුවෙකුට) මානසික/ශාරීරික වධහිංසාවලට හෝ අවමන් සහගත සැලකිල්ලට නැතහොත් දඬුවමකට යටත් කළොත්, එය විධායක ක්‍රියාවකින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමකි. ඒ අනුව මේ වන විට සිසුවාගේ මව විසින් වගකිවයුතු ආයතන හා බලධාරීන් වෙත අදාළ ගුරුවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පැමිණිලි සිදුකරමින් පවතින බැව් සිසුවගේ මව විසින් අප සමග වැඩිදුරටත් කියා සිටීහ.

Social Sharing
අවකාශය නවතම