
ඇඟිලි සලකුණු යන්ත්‍ර (FINGER PRINT) භාවිතා කිරීමෙන් තොරව ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් 2335 දෙනෙකුට ඉකුත් වර්ෂයේදී (2024) වැටුප්, අතිකාල, නිවාඩු දින වැටුප් සහ දිරි දීමනා වශයෙන් රැපියල් කෝටි 339 කට වැඩි (3,395,867,121) මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කර ඇති අලුත්ම විගණන වාර්තාවක දැක්වේ.
පරිපාලන නීතිය සහ චක්‍රලේඛවලට අනුව යන්ත්‍ර භාවිතා කිරීම අනිවාර්ය වේ. සියලු රජයේ සේවකයින් සිය පැමිණිම සහ පිටවිම සටහන් කිරිම සදහා ඇගිලි සලකුණු
ශ්‍රිලංකා රේගුවේ නිලධාරින්ට ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරිමකින් තොරව වැටුප්,අතිකාල, නිවාඩු දින වැටුප් සහ දිරිදිමනා වශයෙන් රජයේ ඒකාබද්ධ අරමුදලින් ගෙවා ඇතැයි පැවැසෙන සමස්ත මුදල රුපියල් දෙසිය තිස්කෝටි අසූහය ලක්ෂ අනුහතර දහස් හත්සිය හෑත්තෑ හතකි. (2,308,694,777)
එසේම රේගු අතිකාල නැව් බඩු පිරික්ෂා කිරිමේ ගාස්තු හා තොරතුරු තාක්ෂණ සන්නිවේදන අරමුදල විසින් රුපියල් එකසිය අටකෝටි හැත්තැ එක්ලක්ෂ, හැත්තැ දෙදහස් තුන්සිය හතළිස් හතරක මුදලක්ද (1,087,172,344) ගෙවනු ලැබ තිබුණි.
මෙම සේවකයන් දිනකට පැය 24ක් දක්වා අතිකාල දීමනා ගන්නා බවත් ගෙවීම් සියල්ල සනාථ කිරිමකින් තොරව කර ඇති බවත් විගණන අංශ පවසයි. පැමිණීම හා පිටවීම පිළිබඳව නිසි සනාත කිරීමකින් තොරව සනාත කර ඇති බවත් විගණන අංශ පවසයි.
සියලුම නිලධාරීන් ඇඟිලි සලකුණු යන්ත්‍ර අනිවාර්යෙන්ම භාවිතා කළයුතු බවත්, යම් වැටලීම් අවස්ථාවක් හෝ එවැනි යම් රාජකාරි කටයුත්තක් සඳහා සහභාගී වීමට අවශ්‍ය විටෙක ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරීම අපහසුවන්නේ නම් ඒ පිළිබඳ අදාළ බලධාරීන් විධිමත් පරිදි දැනුවත් කර සුදුසු පරිදි කටයුතු කළයුතු බවත්, රාජ්‍ය ගිණුම් කාරක සභා (කෝපා) රැස්විමේදීද රේගුවට නිර්දේශ ලබාදී තිබිණ.
මේ තොරතුරැ සදහන් වන්නේ රේගුව පිළිබද 2024 කාර්යසාධන වාර්තාවට ඇතුළත්කර ඇති විගණන ලේඛනයේ දැක්වේ.
