පළමු මාස 7ට ළමයින්ට එරෙහි කෘරත්වය මුදා හැරි බවට පැමිණිලි 1,126ක්!

child protection laws in sri lanka

මෙම වසරේ පළමු මාස 7 තුළ පමණක් දරුවන් කෘරත්වටයට පත් කිරීම් සම්බන්ධයෙන් වන පැමිණිලි 1,000 කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍ර පෝල්රාජ් මහත්මිය පවසයි.

දණ්ඩ නීති සංග්‍රහය, සං‍ශෝධන පනත් කෙටුම්පත අද (24) පාර්ලිමේන්තුවේ දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව පැවසීය.

නිවාස, පාසල්, රැඳවුම් නිවාස, මහාමාර්ගය ආදී ස්ථානවලදී දරුවන් කෘරත්වයට පත් වන බවද ඇය සඳහන් කළාය. ඒ අනුව පසුගිය වසරේදී දරුවන් 1,350කු කෘරත්වයට පත්ව ඇති බවද කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍ර පෝල්රාජ් මහත්මිය පැවසීය.

එමෙන්ම මෙම වසරේ පළමු මාස 7 තුළ පමණක් දරුවන් 1,126ක් කෘරත්වටයට පත්ව ඇති බව සඳහන් වේ.

Social Sharing
අවකාශය නවතම