
මහජනයාට පොලිස්පතිවරයා වෙත සෘජුව පැමිණිලි යෝජනා හා තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා නව ක්‍රමවේදයක් නිර්මාණය කිරීමේ පියවරක් ලෙස 2010 වර්ෂයේදී Tell IGP එසේත් නැතිනම් පොලිස්පතිට කියන්න මෙහෙයුම් මැදිරිය ආරම්භ කෙරිණි.
මේ වන විට එය තවදුරටත් කාර්යක්ෂම සේවයක් බවට පත්කරමින් ශ්‍රී ලංකා පොලිස් නිල වෙබ් අඩවියේ නිල විද්යුත්ලි පිනය ඔස්සේ මේ සඳහා පහසුකම් සලසා ඇත. මහජනයා වෙත ගුණාත්මක සේවාවක් ලබා දීම මෙහි අරමුණ වී ඇති අතර, පැමිණිලි වල ප්‍රගතිය පරීක්ෂා කිරීමේ හැකියාව ලබා දීමෙන් මහජනතාව හා පොලිසිය අතර, ඇති සම්බන්ධතාවය වැඩි කිරීම හා පොලිස්පතිට කියන්න මෙහෙයුම් මැදිරිය වෙත ඉදිරිපත් වන පැමිණිලි ප්‍රාදේශීය පොලිස් ස්ථාන මට්ටම දක්වා යොමු කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දී ඇත.
පොලිස් නිල වෙබ් අඩවියේ (www.police.lk) ඊ සේවාවන් ( E Services ) වෙත පිවිස Tell Inspector General Of Police යන සබැඳිය මඟින් පැමිණිල්ලක්, තොරතුරක් , යෝජනාවක් සිංහල දෙමළ ඉංග්‍රීසි යන භාෂාවන්ගෙන් ඉදිරිපත් කිරීමට මහජනතාවට හැකියාව ඇත.
• telligp@police.gov.lk යන විද්‍යුත් ලිපිනය හරහා මහජනතාව විසින් ඉදිරිපත් කරනු ලබන සියලුම පැමිණිලි මෙහෙයුම් මැදිරිය විසින් කොට්ඨාස භාර, දිසා භාර, පළාත් භාර නිලධරයන්0 හෝ සුදුසු විමර්ශන කාර්යාංශයක් වෙත යොමු කිරීමට කටයුතු කළ යුතුය.
• නිල විද්‍යුත් තැපැල් මඟින් හෝ පොලිස් වෙඩ් අඩවිය හරහා යොමුවන යෝජනා තොරතුරු හෝ පොලිස් නිලධරයන්ට එරෙහිව ලැබෙන පැමිණිලි ආදිය මෙහෙයුම් මැදිරිය මඟින් ඇගයීමකට ගක්කර සුදුසු විමර්ශන කාර්යාංශයක් ආයතනයක් හෝ විමර්ශන නිලධරයන් වෙත යොමු කළ යුතු ය.
• පොලිස්පතිට කියන්න මෙහෙයුම් මැදිරිය වෙත යොමුවන පඅමිණිලි, කොරතුරු හෝ යෝජනා ආදිය සම්බන්ධයෙන් කටයුකු කිරිමේ දී මෙහෙයුම් මැදිරිය අප්‍රමාදව හා අනලස්ව කටයුතු කළ යුතුය.
• නව පරිගණක වැඩසටහන සම්බන්ධයෙන් පද්ධති පරිපාලක සම්බන්ධීකරණය කිරීම මඟින් අඛණ්ඩව පරීක්ෂා කොට එහි දෝෂ නිවැරදි කිරීමට, නවීකරණය කිරීමට හා යථාවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කළ යුතුය.

පොලිස්පතිට කියන්න මෙහෙයුම් මැදිරිය හෝ පරිගණක පද්ධතිය මඟින් යොමු වන පැමිණිලි, යෝජනා හෝ තොරතුරු සම්බන්ධයෙන් නිසි පරිදි විමර්ශනය කිරීම හා අවශ්‍ය කටයුතු කිරීම පොලිස් නිලධරයන් විසින් සිදු කරන අතර විද්‍යුත් තැපැල හෝ පරිගණක වැඩසටහන මඟින් පළාත්, දිසා හා කොට්ඨාස වෙත යොමු කෙරෙන පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීමට පැය 24 පුරාම නිලධරයන් රාජකාරියේ නිරතව සිටියි.
