වංචාව හා දූෂණයේ දෙවැනි රැල්ල ආරම්භ වීමට නියමිතයි! – උලපනේ සුමංගල හිමි

කොරෝනා පළමු රැල්ල අවසන්ව දෙවැනි රැල්ල පැමිණ ඇති අතර මෙය සමාජ ගත වෙන්නේ නැති මුත් ශරිරගත වෙන බවත්, එලෙසම ආර්ථිකය ඝාතනය වීමේ රැල්ලත් 2005 සිට 2015 දක්වාම සිදු වූ බවත් එහි මූලිකත්වය ගත් අය 2015 ජනවාරි 11-12 වන විට රටින්ද පැන ගිය බව යැයිද පුජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසයි.

වංචාව, දුෂණයේ දෙවැනි රැල්ල හෙට අනිද්දාම යළි ආරම්භ වෙන බවට තොරතුරු ලැබෙමින් පවතින බවත්, ආණ්ඩුව පහුගිය දිනවල උත්සහ ගත්තේ කොරෝනා වසංගතය මර්දනය කිරිමට නොවන බවත් ද්විත්ව පුරවැසිභාවය සම්මත කරගෙන මේ රටේ සම්පත් ටික කොල්ල කාගෙන පිටරට වලට පැන යාමටද බව උලපනේ සුමංගල හිමියන් චෝදනා කර සිටියි.

ආණ්ඩුව මේ අවස්ථාවේ PCR පරීක්ෂණ සිදු කරමින් කරන්නෙත් ඉතාම වංචනික ක්‍රියාවක් බවත්, මෙය දැන් වාණිජමය කටයුත්තක් බවට කොරෝනා වසංගතය පත් කරගෙන අවසන් බවද  උන්වහන්සේ කීහ.

තමන්ගේ ගජ මිතුරන්ගේ වැසී ගිය හෝටල් ටික නඩත්තු කර ගැනීමට, බෙහෙත් ටික ගෙන්නා ගැනීමට අද ආණ්ඩුව පාවිච්චි කරන බවද මිනිසුන්ගේ ජිවිත තකන්නේ නැතැයිද උන් වහන්සේ කියයි.

කොළඹ ජාතික රෝහලට අද PCR පරීක්ෂණ කරන යන්ත්‍ර නොමැති බවද ඒවා පරිත්‍යාග කිරීමට පුද්ගලයින් ඉදිරිපත් වුවද ඒවා භාර නොගන්නා අතර ටෙන්ඩර් නැතුව ගෙන්නලා තියෙන පි PCR යන්ත්‍රත් හිටිහැටියේ ඇණ හිටින බවත් ඒවා සකසන්නත් චීනයට පැවරිලා ඇති බවත් කොරෝනා මෙන්ම සෑම දෙයක්ම අද ඒන්නේ චීනයෙන් යැයිද උලපනේ සුමංගල හිමියන් පවසයි.

ඒ අනුව අද රටත් චීනයට භාර දි අපට අහක බලාගෙන ඉන්න වෙන තත්ත්වයට පත්ව ඇතැයිද උන් වහන්සේ පෙන්වා දෙයි.

කොළඹ ජාතික රෝහල වැනි ස්ථානයක මෙවැනි යන්ත්‍ර නොමැති වීම ආණ්ඩුව දෙසන පුරසාරම් වල තත්ත්වය තේරුම් ගැනිමට මීටත් වඩා උදාහරණයක් අවශ්‍ය කරන්නේ නැතැයිද උන් වහන්සේ පවසයි.

තමන්ගේ හිතෛෂි කොම්පැණි වලට මේ යන්ත්‍ර ලබා ගැනිමට අවස්ථාව ලබා දෙන තුරු දේශපාලන අතපෙවීම් වල හේතුව මත පරිත්‍යාග වලින් ලැබෙන භාණ්ඩ ප්‍රතික්ෂේප කරන බවද කියා සිටියි. ඒ් වගේම මේ ආණ්ඩුව තුල අවංකව කටයුතු කර තත්ත්වය තේරුම් අරන් සත්‍ය හෙළි කරන පිරිසකුත් සිටින බවද නමුත් ඒ් නිලධාරින් සත්‍ය හෙළි කිරිම නිසා අද ඔවුන්ට ඒම තනතුරු වල රැඳි සිටිමට නොහැකි වී ඇතැයිද පුජ්‍ය උලපනේ සුමංගල හිමියන් අවධාරණය කර සිටියි.

Social Sharing
නවතම