
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය රෝහලක සෞඛ්‍ය කාර්ය සහායිකාවක ගිලන් රථයක් තුළදී අතවරයකට ලක් වී ඇති අතර එම සිද්ධිය සම්බන්ධයෙන් ගිලන් රථ රියැදුරෙකුට එරෙහිව මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. ඒ අනුව මෙම සෞඛ්‍ය කාර්‍ය සහයිකාව ප්‍රාදේශීය රෝහලේ සිට ගම්පොළ රෝහලට මාරු කරන ලද තරුණියක් රැගෙන ගිලන් රථයේ පැමිණ තිබෙන බවත් තරුණිය රෝහලට ඇතුළත් කර ආපසු යන අවස්ථාවේ පාළු ස්ථානයකදී රියැදුරු ඇයට අතවර කර තිබෙන බවත් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය කාර්ය සහායිකාව පොලිසියට පැමිණිල්ලක් කර නොමැති අතර එයට හේතු වී ඇත්තේ ගිලන් රථ රියැදුරාගේ තර්ජනය කිරීම් මත බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගල සඳහන් කර තිබේ. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය කාර්ය සහායිකාව පුපුරැස්ස පොලිසියට අගෝස්තු 14 පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරමින් අදාළ කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ගම්පොළ රෝහලට යොමු කළ බව පොලිසිය පවසයි.
