ඇඳිරි නීතිය නිසා  කර්මාන්ත ශාලා 150 ක් අඩපණ වෙයි.

වත්මන් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු කර්මාන්ත ශාලා 150 ආසන්න සංඛ්‍යාවක සේවා අඩපණ වී ඇති බව සේව්‍ය සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක වීරසිංහ මහතා පවසයි.

එසේ අඩපණ වී ඇති කර්මාන්තශාලාවල නාම ලේඛනය ඔහු කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල මහතා වෙත ලබා දුන්නේය.

එහිදී ඔහු ඉදිරිපත් කළ අදාළ කර්මාන්ත ශාලා ලේඛනය පිළිබද ඉක්මණින් පරික්ෂා කර බලා නිරීක්ෂණ ලබා දෙන ලෙස අමාත්‍යාවරයා කම්කරු කොමසාරිස්ට නියෝග කළ අතර වෘත්තීය සමිති නියෝජිතයන්ට ද ඒ පිළිබද සිය කරුණු ඉදිරිපත් කරන ලෙස ඇමතිවරයා ඉල්ලා සිටියේය.

මෙම වාර්තා ලබන සදුදා වන විට (12) තමන්ට ලබාදෙන ලෙසත්, එම වාර්තා ලැබීමෙන් පසු, දෙපාර්ශවය සමග සාකච්ඡා කිරීමෙන් පසු, අඩ වැටුප් ගෙවීමට අදාල ගිවිසුම පිළිබද තීරණය කරනු ලබන බවත් ඇමතිවරයා මෙහි දී පැවසීය.

-ශානිකා-

Social Sharing
නවතම