මුස්ලිම් ආගමික වතාවත් සීමා කෙරේ.

කොවිඩ් 19 වෛරසය නිසා දිවයිනේ සියලුම මුස්ලිම් දේවස්ථාන වල කරනු ලබන සිකුරාදා යාච්ඥාව ඇතුලු ඔවුන්ගේ සියලුම යාච්ඥාවන් සඳහා සහභාගි විය හැකි පිරිස පනස් දෙනෙකුට සීමා කර ඇති බව මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව  පවසයි.

රටේ සමස්ත ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සලකා බලා වකුෆ් සභාව මෙම තීරණය ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක A.B.M අෂ්රෆ් මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් සියලුම දේවස්ථාන දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවත් ඇඳිරි නීතිය පවතින ප්‍රදේශ වල දේවස්ථාන වල ආගමික වතාවත් සිදු නොකරන බවත් ඔහු පවසයි.

එමෙන්ම ආගමික කටයුතු සඳහා මුස්ලිම් දේවස්ථාන වෙත පැමිණෙන බැතිමතුන්ට සෞඛ්‍ය උපදෙස් පිලිපැඳිමද අනිවාර්ය කර ඇතැයි ඔහු වැඩිදුරටත් පවසයි.

මේ සම්බන්ධයෙන්  බුද්ධශාසන හා ආගමික සංස්තෘතික කටයුතු අමාත්‍යාංශය කියා සිටින්නේ  ඔවුන්ගේ මෙම තීරණයට ප්‍රණාමය පුද කළ යුතු බවය.

Social Sharing
නවතම