ශ්‍රී ලංකාවේ නීති අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන පාර්ලිමෙන්තු විශේෂ කාරක සභාවේ සභාපති අමාත්‍ය ආචාර්ය විජයදාස රජපක්ෂට…

ශ්‍රී ලංකාවේ නීති අධ්‍යාපනය පිළිබඳව සමාලෝචනය කර ප්‍රතිසංස්කරණය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පත් කිරීම සඳහා වූ යෝජනාව පාර්ලිමේන්තුව විසින් පසුගිය ජනවාරි 23 දින සම්මත විය. මෙම කාර්යය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් ද අනෙකුත් සාමාජික මන්ත්‍රීවරයන් ද කථානායකවරයා විසින් පත් කර ඇත.

නීති අධ්‍යාපන පාලනවිධි ප්‍රතිව්‍යුහගත කිරීම, විෂයමාලා සංවර්ධනය, ඉගැන්වීම් ක්‍රමවේදය, යටිතල පහසුකම් සහා සම්පත් කළමනාකරණය සහ අන්තර් ආයතනික සම්බන්ධතාවය (දේශීය සහ ජාත්‍යන්තර) පිළිබඳව වන යෝජනා සමඟින් නියෝනයන් ඉදිරිපත් කිරීමට උනන්දුවක් දක්වන මහජනතාවට, පාර්ශවකරුවන්ට, සහ සංවිධාන වලට ඒ සම්බන්ධයෙන් වන යෝජනා 2024 අප්‍රේල් මස 20 වැනි දිනට හෝ ඊට ප්‍රථම ලේක්ම්, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව, ශ්‍රී ලංකා පාර්ලිමෙන්තුව, ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ වෙත ලැබෙන පරිදි ලිඛිතව හෝ [email protected] යන විද්‍යුත් ලිපිනය ඔස්සේ එවන මෙන් ආරාධනා කර ඇත.

Social Sharing
නවතම පුවත්