ශබ්ද දූෂණය අවම කරන්න රෙගුලාසි – කමිටුවේ වාර්තාව අධිකරණ අමාත්‍යවරයා වෙත

ශ්‍රී ලංකාවේ ශබ්ද දුෂණය පිළිබදව පවතින නීති හා රෙගුලාසි සමාලෝචනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සදහා  පත් කළ කමිටුවේ  වාර්තාව එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට අධිකරණ අමාත්‍යංශයේදී අමාත්‍යවරයාට බාර දෙනු ලැබීය.

අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ, පාරින්ද රණසිංහ, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( නීති) නීතිඥ,පියුමන්ති පීරිස් ඇතුළු පිරිසක් කමිටුව නියෝජනය කරති.

මාස දෙකක් ඇතුලත වාර්තාව සකස් කර  ඇති අතර ඒ අනුව කමිටුව විසින් ශබ්ද දූෂණය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන් විශ්ලේෂණය කරමින් ශ්‍රී ලංකාවේ පවතින ශබ්ද දූෂණය පිළිබඳ නීතිමය රාමුවට වෙනස්කම් කිහිපයක් යෝජනා කර තිබේ.

විශේෂයෙන් ශබ්ද දූෂණයට නීතිමය ප්‍රතිචාරය වඩාත් ඵලදායී කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය, මෝටර් රථ ප්‍රවාහන පනත සහ පොලිස් ආඥාපනත වැනි ප්‍රඥප්තිවලට බෙහෙවින් අවශ්‍ය සංශෝධන මෙම කමිටුව විසින් යෝජනා කර තිබේ.

Social Sharing
නවතම පුවත්