අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්

අස්වැසුම ප්‍රතිලාභය හිමි පවුල් 1,406,932ක් සඳහා ඔක්තෝම්බර් මාසයට අදාළ රුපියල් මිලියන 8,775ක මුදලක් බැංකු වෙත ලබාදී තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සිය නිල X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව හෙට (05) සිට ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට මුදල් බැර කිරීමට නියමිත බව ද එම නිවේදනයේ තවදුරටත් දැක්වේ.

අභියාචනා සහ විරෝධතා සමාලෝචනය අවසන් වූ පස් තෝරාගත් පුද්ගලයින්ට ජූලි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි ප්‍රතිලාභ ලබාදෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Social Sharing
නවතම පුවත්