සැප්තැම්බර් අස්වැසුම අද සිට!

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සැප්තැම්බර් මස වාරික මුදල් අද (23 දා) සිට ලබා ගැනීමේ හැකියාව ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා කියයි.

ප්‍රතිලාභී පවුල් දහතුන් ලක්‍ෂ හැත්තෑහත් දහසක් සඳහා වන රුපියල් මිලියන 8,571ක මුදල බැංකු වෙත මුදා හැර ඇති බව ඇමැතිවරයා පවසයි.

ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් වාරික වසර අවසානයට පෙර ප්‍රතිලාභීන් වෙත ගෙවා අවසන් කරන බව කියා සිටි ඇමැතිවරයා පවසන්නේ නව අයැදුම්පත් කැඳවීම ද දෙසැම්බර් මස ආරම්භ කරන බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි සෑම මාස හයකට ම වරක් අස්වැසුම සමාලෝචන කටයුතු සිදු කරන බව සේමසිංහ මහතා කියා සිටියේ ය. මීට අමතරව වැඩිහිටි, වකුගඩු සහ ආබාධිත දීමනා හිඟ මුදල් ද මේ වන විට ගෙවා අවසන් බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

Social Sharing
Uncategorized