ලාංකිකයන් 10,000කට ඊශ්‍රායල කෘෂි කම්කරුවන් ලෙස රැකියා!

ඊශ්‍රායලයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය Moshe Arbel සහ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාරනායක අතර අත්සන් තබන ලද ගිවිසුමකට අනුව ශ්‍රී ලාංකික කෘෂි කම්කරුවන් 10,000 ක් වහාම බඳවා ගැනීමට ඊශ්‍රායලයට අවසර ලැබේ. මෙයට අමතරව කෘෂිකාර්මික අංශය සඳහා කම්කරුවන් 5,000 ක් රටට ගෙන ඒමට ඊශ්‍රායල සමාගම්වලට  පසුගිය සතියේ කැබිනට් අනුමැතියෙන් පසුව අවසර දෙන ලදි.

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයට යුද්ධයෙන් දැඩි ලෙස පහර වැදී ඇත. ඔක්තෝබර් 7 වනදා සිට, කෘෂිකාර්මික අංශයේ විදේශීය කම්කරුවන් 30,000 න් 8,000 ක් පමණ ඊශ්‍රායලයෙන් පලා ගොස් ඇත. ඔක්තෝබර් 7 දා හමාස් ත්‍රස්තවාදීහු ගාසා තීරයේ විදේශ කම්කරුවන් විශාල ගණනක් ඝාතනය කර තවත් විශාල ගණනක් ප්‍රාණ ඇපයට ගත්හ.

ඒ සමගම පලස්තීන කෘෂිකාර්මික කම්කරුවන් 20,000කට පමණ ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කර ඇත.

මෙම ගිවිසුම අනුව මෙම කෘෂි කම්කරුවන් සති කීපයක් තුළ ඊශ්‍රායලයට යොමු කළ යුතුය. ඊශ්‍රායලයේ දැනටමත් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 4,500ක් සේවයේ යෙදී සිටින අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ගෘහ ආරක්ෂණ අංශයේ සේවය කරති.

මූලාශ්‍රය – en.globes.co.il – 2023 නොවැම්බර් 6 දින.

Social Sharing
ආර්ථික නවතම පුවත්