චීනයේ අරමුදල් සහිත නව නිවාස ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය…

බස්නාහිර පළාත තුළ අඩු ආදායම්ලාභීන් සඳහා නිවාස ඉදිකිරීම සඳහා චීන රජය සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

රජය පවසන පරිදි මෙම ව්‍යාපෘතිය සඳහා යුවාන් මිලියන 552 ක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලබාදීමට චීන රජය කැමැත්ත පළ කර ඇත.

ව්‍යාපෘතිය යටතේ නාගරික ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා ආධාර වශයෙන් නිවාස ඒකක 1,996ක් ඉදි කෙරේ.

මෙම ව්‍යාපෘතිය මගින් බස්නාහිර පළාත තුළ අඩු පහසුකම් සහිත නිවාස යෝජනා ක්‍රමවල පදිංචිකරුවන්ට නාගරික නිවාස යෝජනා ක්‍රමවල පහසුකම් සහිත නිවාස ලබා දෙනු ඇත.

ගිවිසුමට අනුව, ශ්‍රී ලංකා රජය ඉඩම් සංවර්ධනය සහ අඩවි සීමාව ආවරණය වන පරිදි යටිතල පහසුකම් සැපයීම සඳහා වගකිව යුතුය.

ඒ අනුව අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන ගිවිසුම චීන රජය සමඟ අත්සන් කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Social Sharing
නවතම පුවත්