“බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රටට මේ මොහොතේ අත්‍යාවශ්‍යයි.” කාදිනල් හිමියෝ කියයි.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රටට මේ මොහොතේ අත්‍යාවශ්‍ය බව අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියෝ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත අවධාරණය කරන ලදි. ඊයේ (03) කොළඹ බිෂොප් මන්දිරයේදී රාජ්‍ය ඇමතිනිය, කාදිනල් හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමට පැමිණි අවස්ථාවේ උන්වහන්සේ මේ බව පැවසීය.

සිරකරුවන්ට මානුෂීයව සැලකීමට කටයුතු කිරීම වැදගත් කාරණයක් බවත් සිරකරු සුභ සාධනය සහ ඔවුන්ගේ පවුල්වල සුභ සාධනය කෙරෙහිද අවධානයක් යොමු කිරීම සමාජීය වශයෙන් වැදගත් කටයුත්තක් බව අවධාරණය කල කාදිනල් හිමියන් රාජ්‍ය අමාත්‍යවරියගේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට මෙහිදී ආශිර්වාද කරන ලදි.

 

Social Sharing
නවතම