ඕ.අයි.සී.ලා පත් කරන්න අලුත් ක්‍රමයක්…

දේශපාලන බලපෑම්වලින් තොරව පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීම සඳහා නව ක්‍රමවේදයක් සකස් කරන ලෙස ජාතික පොලිස් කොමිසම පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත.

දේශපාලනඥයන්ගේ බලපෑම් මත දේශපාලන ලියුම්වලට පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීම මින් ඉදිරියට ක්‍රියාත්මක නොවන බව ජාතික පොලිස් කොමිසමේ ආරංචි මාර්ග පවසයි.

මීට පෙර ක්‍රියාත්මක වූයේ පළාතේ දේශපාලනඥයාගේ අභිමතය පරිදි පොලිස් ස්ථානාධිපතිවරයකු පත්කර ගැනීමය. එම ක්‍රමවේදය නිසා දක්‍ෂතා නැති දූෂිත පොලිස් නිලධාරීහු රැසක් පොලිස් ස්ථානාධිපති ධුරයන් සඳහා පත් කරනු ලැබූහ.

මෙම තත්ත්වය පොලිස් දෙපාර්තමේන්තුවේ පරිහානියට දැඩිව බලපා ඇති අතර මින් ඉදිරියට කිසිම දේශපාලන බලපෑමකින් තොරව දක්‍ෂ පොලිස් නිලධාරීන් ස්ථානාධිපති ධුරය සඳහා පත් කෙරෙනු ඇත.

පොලිස්පතිවරයා විසින් තෝරා ගන්නා පොලිස් ස්ථානාධිපතිවරුන් ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය මත පත් කිරීම මින් ඉදිරියට සිදු කෙරෙනු ඇති බව එම කොමිසමේ ආරංචි මාර්ග කියා සිටියේය.

හේමන්ත රන්දුණු

Social Sharing
නවතම පුවත්