උඩවලව අවදානමක!

උඩවලවේ ගොවි ජනතාවට මොණරාගල ගොවීහු පිහිට වෙති. මේ වනවිට පවතින දැඩි නියඟයේ බලපෑමෙන් උඩවළවේ ජලාශයේ ජල මට්ටම සියයට 02ක් දක්වා අඩු වී තිබේ. මේ හේතුවෙන් උඩවළවේ ජලාශය යටතේ යල කන්නයේ අස්වද්දන ලද කුඹුරුවලින් අක්කර 65,000ක් ඊයේ (01දා) වනවිට හානි වීමේ අවදානමට ලක්ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

උඩවලවේ ජලාශයට සමනලවැව ජලාශයෙන් ජලය ඝන මීටර් මිලියන 27ක් ජල වාරික දෙකක් සදහා දින 10ක් ලබා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යංශය උත්සාහ දැරූව ද එම කටයුතු අසාර්ථක වී තිබේ. එයට හේතුව නම් මේ වනවිට ඝන මීටර් මිලියන 87ක් වන සමනළවැව ජලාශයේ ජල මට්ටම ඝන මීටර් මිලියන 60ක් දක්වා අඩුවුවහොත් දකුණු පළාතට පැය තුනක විදුලි කප්පාදුවක් සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට සිදු වීමයි.

Social Sharing
ආර්ථික නවතම පුවත්