ලිට්‍රෝ ගෑස් මිල ගැන සභාපති තීරණයක් ගනියි…

දැනට පවතින ගෑස් මිල නොවෙනස්ව තබා ගැනීමට උත්සාහ කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ඊයේ (24 දා) පැවසීය.

මේ වන විට ගෙවීමට තිබූ සියලු ණය බදු ගෙවා ලාභයක් ද සහිතව ලිට්‍රෝ සමාගම පවත්වාගෙන යන බවද ඒ මහතා කීය.

දැනට ලිට්‍රෝ නව සිලින්ඩර් අවශ්‍ය අය සිටීනම් ‘1311’ හදිසි අංකය ඇමතීමෙන් ගෑස් සිලින්ඩර් ලබාගත හැකි බවත් ලබන මාසයේ (අගෝස්තු) තවත් වැඩිපුර සිලින්ඩර් තොගයක් වෙළෙඳ පොළට නිකුත් කරන බවත් ඒ මහතා පැවසීය.

 

Social Sharing
නවතම පුවත්