පෙන්ටගනය අභිබවා යන ඉන්දියාවේ දියමන්ති වෙළඳපොළ…

ලොව විශාලතම කාර්‍යාල සංකීර්ණ ගොඩනැගිල්ල වන්නේ ඇමරිකානු ආරක්ෂක මූලස්ථානය හෙවත් පෙන්ටගනයයි. එය වර්ග අඩි මිලියන 6.5ක වපසරියකින් යුක්තය. එහෙත් නොබෝ දිනකින් විවෘත වන ඉන්දියාවේ ගුජරාටයේ සුරත් නගරයේ ඉදිවුණු Surat Diamond Bourse හෙවත් සුරට් දියමන්ති වෙළඳපොළ මින්පසු ලොව විශාලතම කාර්‍යාල සංකීර්ණය වනු ඇත. එහි ප්‍රමාණය වර්ග අඩි මිලියන 7.1කි.

එය මහල් 15 බැගින් වූ ගොඩනැගිලි 9කින් ප්‍රධාන ගොඩනැගිල්ලට සම්බන්ධිතය. භූමි ප්‍රමාණය අක්කර 35කි.

මෙය ඉදිකිරීම් සඳහා වියදම ඇමරිකානු ඩොලර් මිලියන 388 කි. ඉන්දීය කීර්තිමත් ඉදිකිරීම් සහ ගෘහනිර්මාණ ආයතනයක් වන Morphogenesis මෙහි ඉදිකිරීම් සිදුකර ඇත.

මෙහි දියමන්ති කපන්නන්, ඔප දමන්නන් සහ වෙළඳාම්කරන්නන් ඇතුළු සේවකයන් 65000ක් පමණ සේවය කිරීමට නියමිතය.

ගුජරාටයේ සුරට් නගරය ලොව දියමන්ති ඔපදමන්නන්ගේ අගනුවර ලෙස හැඳින්වේ. ලෝකයේ හමුවන දියමන්ති වලින් 90%ක්ම කපා ඔපදමන්න්නේ සුරට් නගරයේදීය.

Social Sharing
අවකාශය නවතම විශේෂාංග