TNA පසුපස ගියහොත් දෙමළ ප්‍රජාවට සිදු වෙන්නේ වැලලෙන්න! – කරුණා කියයි.

අද උතුරු නැගෙනහිර ජනතාව දෙමළ ජාතික සන්ධානය (TNA) විසින්  එළියට දමා ඇති බවත්,  ජනතාව මෙය හොඳින් වටහා ගත යුතු බවද දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ (TUFF) නායක හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසයි.

තවදුරටත් අපේ ජනතාව දෙමළ ජාතික සන්ධානය පසුපස ගියහොත් දෙමළ ප්‍රජාව තවදුරටත් වළලනු ඇති බව ඔහු කියා සිටියි.

තමන්ට ඡන්දය දුන් ප්‍රමාණයට වඩා වැඩි  ඡන්ද ප්‍රමාණයක් ලබා ගත් සම්පත්තන් ඇතුළු කණ්ඩායම පාර්ලිමේන්තුවට ගොස් ඇති බවත්, අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවගේ අනාගතය සඳහා ජනතාව සමඟ දිගටම ගමන් කරන බවත් ඔහු කියා සිටියි.

අනාගතයේදී අම්පාර දිස්ත්‍රික්කයේ තමන්ට  විශාල අභියෝගයක් තිබෙන බවත්  නමුත් තමන් පාර්ලිමේන්තුවට ගියේ නැහැ කියා නොසිතා සිටින ලෙසත් තමන් සාර්ථක පුද්ගලයෙකු බවත් ඔහු අම්පාර වැසියන්ට කියා සිටියි. තරුණ තරුණියන්ට රැකියා සැපයීමේ අවශ්‍යතාවයක් පවතීන අතර තමන් සාර්ථකත්වයට පැමිණි විගසම  රජයට කතා කර එම සම්පත් අමාත්‍යාංශ හරහා ලබාගෙන ජනතාවට ලබා දෙන බවද ඔහු කියා සිටියි.

කල්මුනායි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වැඩිදියුණු කිරීමේ මගේ උත්සාහය දිගටම කරගෙන යන්නෙමි. අම්පාර ඇතුළු ප්‍රදේශවල අපේ පක්ෂයේ ශාඛා පිහිටුවීමට ද මම කටයුතු සූදානම් කර ඇත්තෙමි. අනාගතයේදී අපේ ජනතාවට ශුභ ආරංචියක්. අඩාල්ලා මන්ත්‍රීවරයාට පවා අමාත්‍යාංශ තනතුරක් ලබා දීමේ ගැටළුවක් ඇති බව ඔබ දන්නවා.

අම්පාර ප්‍රදේශයේ දමිළ වැසියන් හමු වී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

-ශානිකා-

උපුටා ගැනීම  : www.todayjaffna.com

Social Sharing
නවතම