18ට වැඩි සියලු දෙනාට අද සිට බදු ෆයිල් එකක්

මෙරට වයස අවුරුදු 18 සම්පුර්ණ වූ සියලු පුරවැසියන් වෙනුවෙන් බදු ගොනුවක් විවෘත කිරීමට අදාළ වන ගැසට් නිවේදනයක් මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව අද (01) දින සිට ක්‍රියාත්මක වන පහත ආයතන වල සාමාජිකත්වය දරන සියල්ලන් දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙත ලියාපදිංචි කිරීම අනිවාර්ය කර ඇත.

එසේ ලියාපදිංචි වීම අනිවාර්ය කර ඇති සාමාජිකයන් මෙසේය.

* ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්
* ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ලියාපදිංචි සාමාජිකයින්
* ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයින්
* ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයින්
* ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ සාමාජිකයින්
* ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ සංගමයේ සාමාජිකයින්
* ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයින්ගේ ආයතනයේ සාමාජිකයින්
* ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥවරුන්
* ප්‍රාදේශීය ලේකම්වරයා යටතේ ව්‍යාපාර ලියාපදිංචි කර ඇති පුද්ගලයින්
* මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කර ඇති පුද්ගලයින් (ත්‍රී රෝද රථ, මෝටර් බයිසිකල් සහ අත් ට්‍රැක්ටර් හැර)
* ශ්‍රී ලංකාවේ නිශ්චල දේපළක් මිල දී ගෙන ඇති ‌හෝ අත්පත් කරගෙන ඔප්පුවක් හුවමාරු කර ගෙන ඇති පුද්ගලයින්
* මාසිකව සේව්‍ය සේවක දෙපාර්ශවයෙන්ම එක්ව රු. 20,000ට වැඩි දායකත්ව මුදලක් ඕනෑම පාරිතෝෂිත අරමුදලකට හිමිකම් කියනු ලබන සේවකයින්
* දේශීය අධිකාරීන්ගෙන් ගොඩනැගිලි අනුමත සැලසුමක් ලැබූ ඕනෑම අයෙකු
* ශ්‍රී ලංකාව තුළ මාසිකව රු. 100,000 ක් හෝ වාර්ෂිකව රු. 1,200,000 ක ගෙවීමක් ලබන වෙනත් ඕනෑම අයෙකු

ඊට අමතරව මෙම වසරේ දෙසැම්බර් 31 වන දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ වී ඇති සියලු දෙනා ද මෙම මේ යටතේ ලියාපදිංචි වීමට නියම කර තිබේ

උපුටාගැනීම – නිව්ස්පීඩියා

Social Sharing
ආර්ථික නවතම පුවත්