ඒ 2013 වසරයි. දරුවන් අතුරුදහන්වූ උතුරේ මව්පියන් සමග ඒක්ව සංවිධානය කල මානව හිමිකම් සැමරුම කොළඹ දී පැවැත්වීමට කිසිදු ස්ථානයක් ලබා ගත හැකි ලෙස අපව ප්‍රතික්ෂේප වෙත්දී ඒ සඳහා ඉඩ විවර වුයේ එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත පමණි. සමහර විට සිරිකොත පරිශ්‍රය ඒවැනි බාහිර කටයුත්තක් සඳහා යොදා ගැනුන ප්‍රථම සහ ඒකම අවස්ථාව විය හැක, කාර්යාලයේ සිටි UNP පාක්ෂිකයන්ට පවා එය නුහුරු – අලුත් අත්දැකීමක් ලෙස අපට හැගුණි. දින දෙකක් පැවැත්වූ එම උළෙලේ දෙවන දිනයෙදී ජාතිවාදී මැර කණ්ඩායමක් සිරිකොත වැටලූ අතර ඔවුගේ ප්‍රධාන විරෝධය එල්ල වූයේ පැමිණි සිටි උතුරේ දෙමළ දෙමව්පියන්ටය. එහෙත් එම ආරංචියත් සමග පැමිණි UNP පාක්ෂිකයන් මේ මව්වරුන්ගේ සහ සිවිල් සමාජ සාමාජිකයන්ගේ ආරක්ෂාවට දැවැන්ත පවුරක් ලෙස කටයුතු කලේය. ඔවුන් සැපයූ ආරක්ෂාව නිසා උළෙල බාධාවකින් තොරව නිමා කළ හැකි විය.
මෙම උළෙල සංවිධානය කලේ සමගි බලවේගය විසිනි (සමගි ජන බලවේගය නොවේ) 2009 යුද්ධයේ අවසානයත් සමග ඇරඹි ජාතිවාදී නොවන විපක්ෂයක් ගොඩ නැගීම සඳහා දේශපාලන නායකත්ව ලබා දුන්නේ රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂයයි. ඒ සඳහා සිවිල් සංවිධාන විවිධ ආකෘතීන් මගින් සම්බන්ධ වූ අතර නිදහසේ වේදිකාව එහි හොඳම ආකෘතියක් විය. සම්මුතිවාදී මහජන ගිවිසුම හෙවත් සමගි බලවේගයද එවැනි ඒක් උත්සාහයකි. ජාතිවාදයට එරෙහි සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් ප්‍රායෝග ක්‍රියාකාරීත්වයක් ගොඩ නැගීම ෆෙස්බුක් ලිවීම් තරම් පහසු නැත. විශේෂයේම ප්‍රධාන දේශපාන ව්‍යාපෘතියක් ඒ සදහා හරවා ගැනීම කිසිසේත් පහසු නැත. එවකට විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය ද ඇතුව 2009-2015 කාලය පුරා මෙවැනි ක්‍රියාකාරීත්වයන් රාශියක් මඟින් ජීවත්වීමේ අයිතිය සහ භාෂණයේ නිදහස පිළිබඳ සිවිල් සමාජ ක්‍රියාකාරීත්වය නොනැසී පවත්වාගැනීමට නිදහසේ වේදිකාව ප්‍රමුඛ සිවිල් සංවිධාන ජාලයට හැකි විය.
එසේ 2009 යෙන් ඇරඹි ජාතිවාදයට යට නොවන ප්‍රජාතන්ත්‍රවාදි අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින එක්සත් ජාතික පක්ෂ ව්‍යාපෘතියට 2015 දී සිදුවූයේ කුමක්ද, 2020 මහමැතිවරණය එහි තාර්කික අවසානය ද? එසේ නම් එයට හේතුව කුමක්ද? යන්න වෙනම විමසා බැලිය යුතුය. මේ සටහන ඒ සඳහා නොවේ.
දැන් රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය මැතිවරණයෙන් ලැබූ අන්ත පරාජයත් සමග මෙවැනි ප්‍රායෝගක ක්‍රියාකාරීත්වයක අත්දැකීම් නොමැති සිතට නැගෙන සිතුවිලි ලියන්නන් විසින් යුගයක් වෙනස් කළ සමාජ – දේශපාලන ක්‍රියාකාරීත්වයකට මරණ සහතික නිකුත් කිරීමට ඉක්මන් වී ඇත. මේ අය ලියන්නේ තමන්ගේ ඔලුවේ තිබෙන UNP යක් සහ රනිල් වික්‍රමසිංහ කෙනෙකු ගැනයි. ඒ සටහන් වල ඇති පොදු දෙයක් නම් UNP – රනිල් පරාජය පිළිබඳව සිය අසීමිත සතුටයි. එම සතුට හේතුව සාම්ප්‍රදායික පක්ෂ සහ නායක්වයන් අලුත් යුගයකදී බිඳ වැටිය යුතු බවට වන ගම්පෙරලිය වර්ගයේ සාම්ප්‍රදායික තර්කයක් මිස අන් කිසිවක් නොවේ. එහෙත් 2009 සිට කටයුතු කළ එක්සත් ජාතික පක්ෂය යනු සාම්ප්‍රදායික, ජාතිවාදී, අයිතිවාසිකම් විරෝධී, නව-ලිබරල් ගැති, ආගම්වාදී, බටහිර ගැති, පුරුෂවාදී, විෂම ලිංගික පක්ෂයෙක් නොවේ. එවැනි පක්ෂයක් සදහා සාම්ප්‍රාදායික නොවන නායකත්වයක් ලබා දුන්නේ රනිල් වික්‍රමසිංහයි. 2015 දී සම හවුල්කාරීත්වයකින් ආණ්ඩුවක පිහිටුවීම දක්වා පැමිණිය හැකි වුයේ එවැනි පක්ෂයකටය.
මේ පරාජයෙන් පසු කෙනෙකුට එක්සත් ජාතික පක්ෂ සහ රනිල් වික්‍රමසිංහ විරෝධියෙකු වීම ඉතා පහසුය. මේ සටහන තබන්නේ මා පෞද්ගලිකව එක්සත් ජාතික පක්ෂය සහ රනිල් වික්‍රමසිංහට අත්වූ පරාජය පිළිබඳව කණගාටු වන නිසා සහ එසේ කණගාටු නොවන හෘද සාක්ෂියකින් තොරව සිටීමට තරම් අප සිටින සමාජ-දේශපාලන-අයිතිවාසිකම් ක්ෂේත්‍රය ප්‍රැග්මැටික් නොවන නිසාය.
නීතිඥ ප්‍රබෝධ රත්නායක මහතාගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්නා ලද්දකි.