“සෑම දේටම විරුද්ධ වීම විපක්ෂනායක ධූරයේ වගකීම නොවේ” මල්වතු අනුනායක හිමිගෙන් සජිත්ට!

රටේ ජනතාව ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට බහුතර බලයක් ලබාදී තිබෙන්නේ ජනතා සුබ සිද්ධිය සහ රටේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යැයි මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් පවසති.

විපක්ෂ නායක ධූරය හිමිවන සජිත් ප්‍රේමදාස මහතාට ද රටේ අභිවෘද්ධීය පිළිබඳව සිතමින් යහපත සහ අයහපත තෝරා බේරාගත යුතු බවත් පාර්ලිමේන්තුවේ දී යහපත් දේට ඡන්දය ලබා දීමත් අයහපත් දෙයට තරයේ විරුද්ධ වීමත් සිදු කළ යුතුව ඇතැයි උන්වහන්සේ කීහ. සෑම දේටම විරුද්ධවීම විපක්ෂයේ කාර්යභාරය නොවිය යුතු බවද උන්වහන්සේ සඳහන් කළහ.

රටේ පවතින සම්පත් වෙනත් පාර්ශවයන් අතට පත් නොවිය යුතු බවත්, ඉවතලන බීජයක් පවා පැලවෙන මෙම පුණ්‍ය භූමිය සංවර්ධනය කිරීමට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මැදිහත් වී ක්‍රියා කළ යුතුව ඇතැයි උන්වහන්සේ ප්‍රකාශ කළහ.

නීතියානුකූල අන්දමින් නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට ක්‍රියා කළ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු කාර්ය මණ්ඩලයට ද ආරක්ෂක හා සෞඛ්‍ය අංශය ඇතුළු ඊට සහයෝගය ලබාදුන් විවිධ පාර්ශවයන් සඳහා සිය කෘතවේදීත්වය පළකරන බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් වැඩිදුරටත් සඳහන් කළහ.

එම අදහස් දැක්වීම පහත හඬ පටයෙන්

නදීක දයා බණ්ඩාර – මහනුවර

Social Sharing
නවතම