මෙවර විදේශ නිරීක්ෂකයින් නැහැ!

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා විදේශික නිරීක්ෂකයින් සියයකට අධික පිරිසක් මෙරටට පැමිණීමට නියමිතව සිටියද කොවිඩ් 19 වසංගත තත්ත්වය මත ගුවන් ගමන් අවහිර වීම නිසා ඔවුන් මෙවර නොපැමිණි බව පැෆරල් සංවිධානය පවසයි.

මෙරට මැතිවරණයක් පැවැත්වෙන සෑම අවස්ථාවකම යුරෝපා සංගමයත්, ආසියානු මැතිවරණ ජාලයත් ඇතුලු විදේශික නිරීක්ෂකයින් සියයකට අධික පිරිසක් සාධාරණ මැතිවරණයක් පවත්වන්නේද යන්න නිරීක්ෂනය කිරීම සඳහා මෙරටට පැමිණෙන අතර මෙවරත් ඔවුන් මෙරටට පැමිණීමට සියලු කටයුතු සුදානම් කරගෙන සිටියත් සෞඛ්‍ය කරුණු මත පැමිණීමට නොහැකි වු බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

නමුත් ඔවුන් මෙරට මැතිවරණ නිරීක්ෂකයින් හා අන්තර්ජාලයෙන් සම්බන්ධ වී අදාල කටයුතු කරගෙන යන බවද ඔහු වැඩිදුරටත් අයිතිය වෙත ප්‍රකාශ කර සිටියේය.

-ශානිකා-

Social Sharing
නවතම