සොරාගත් ගිනි අවිය දියවන්නාවෙන් මතුවෙයි

පසුගිය ජුලි මස 13 දා පාර්ලිමේන්තුව අසළ පැවති විරෝධී විරෝධතාවයේදී යුද හමුදා සෙබළෙකුගෙන් සොරාගත්තා යැයි කියන ගිනි අවිය නාවික හමුදාව සොයාගෙන තිබෙන බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තුවට ආසන්න පොල්දූව හන්දිය අසළ පැවති විරෝධතාවයේදී විරෝධතාකරුවන් යුද හමුදා සෙබළාට පහර දී ටී 56 ගිනි අවියක් සහ පතොරම් කිහිපයක් සොරකම් කර ඇති බවට ප්‍රකාශ කළ පොලීසිය එම ගිනි අවිය සොයාගැනීම සඳහා විමර්ෂනයන් ආරම්භ කර තිබුණි. ඒ අනුව නාවික හමුදාවේ කිමිදුම්කරුවන් විසින් පසුගිය 23 දා දියවන්නාව පාලම යට තිබී ප්‍රහාරක රයිෆලය සහ හිස් මැගසින් එකක් සොයා ගන්නා ලද බව වාර්තා වෙයි. එම ගිනි අවිය සහ හිස් මැගසිනය වැඩිදුර විමර්ෂනයන් සඳහා වැලිකඩ පොලිසිය වෙත භාරදී ඇති ඇත.

Social Sharing

Uncategorized නවතම පුවත්