1929 අංකයට වාර්ෂිකව ළමා අපයෝජන පැමිණිලි 550,000 ක් –  ආරක්ෂක ලේකම්  හෙළි කරයි.

රියැලිටි ෂෝ වලදී දරුවන්ට සිදුවන අපයෝජන සිදුවීම හෙළිදරව් වීම සම්බන්ධයෙන් පසුව ආරක්ෂක ලේකම් මේජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා දැඩි ලෙස අවධානය අවධානය යොමු කොට තිබේ.

ඔහු ඊයේ දින වහාම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය රැස් කර දරුවන්ගේ තත්ත්වය ගැන සොයා බලා ඇත. ඒහිදි හෙළිදරව් වී ඇත්තේ 2015 සිට 2019 දක්වා කාලය තුළ ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි 47, 177 ක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී ඇති බවය. ඊට අමතරව 1929 ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ඇමතුම් අංකයට වාර්ෂිකව පැමිණිලි 550,000 ක් ලැබී ඇති බවද වාර්තා වේ.

“සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් ළමයින් ආරක්ෂා විය යුතු අතර ඔවුන් සඳහා වඩා සුරක්‍ෂිත පරිසරයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය වන බව ”  ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පවසයි..

පාසල් ළමුන් මත්ද්‍රව්‍ය උවදුරින් වැළැක්වීමට කටයුතු කිරීම සඳහා පාසල්වල කමිටු පිහිටුවීම සඳහා දැනටමත් සාකච්ඡා පවත්වා ඇති බවත් මත්ද්‍රව්‍ය ජාවාරම් හරහා පහසුවෙන් මුදල් උපයා ගැනීම සඳහා මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන්ද මෙයට සම්බන්ධ වීම “මේ වන විට රහසක් නොවනවා වගේම කනගාටුවට කරුණක් ” යැයි ඔහු පැවසුහ.

වැරදිකරුවන් වැරදි කිරීම සඳහා වන පෙළඹවීම  වැළැක්වීම සඳහා වැරදිකරුවන්ට එරෙහිව ඇති දඬුවම් සංශෝධනය කිරීම අවශ්‍ය බව මේජර් ජෙනරාල් ගුණරත්න තවදුරටත් අවධාරණය කළේය.

අංක 50 දරණ ළමා ආරක්ෂණ පනත 1998 වර්ෂයේදී පාර්ලිමේන්තුව තුල සම්මත වු අතර  ළමා ආරක්ෂණය පිළිබඳ ප්‍රතිපත්තියක් සැකසීමේ උත්සාහයන් 2019 මැයි මාසය දක්වා ප්‍රමාද වූ අතර, කැඳවන ලද රැස්වීමේ අරමුණ වූයේ ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම ‘ අනුව පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කිරීම සඳහා තාක්ෂණික කමිටුවක් පිහිටුවනු ලැබුණි.

ආරක්ෂක, අධ්‍යාපනය, සෞඛ්‍ය, අධිකරණ , සමාජ සුභසාධන, කම්කරු, සංචාරක, ජනමාධ්‍ය යන අමාත්‍යාංශ ඇතුළු පාර්ශවකරුවන් සමග එක්ව කටයුතු කරන ජාතික ක්‍රියාත්මක කිරීමේ කමිටුව, අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ළමා ආරක්ෂණය පිළිබඳ ජාතික ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම ක්‍රියාවට නැංවීම සහ අධීක්ෂණය යටතේ බලාත්මක කිරීම හා අධීක්ෂණය කිරීම සිදු කරනු ලබයි.

ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ අරමුණු යටතේ, ළමා හිතකාමී සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම සඳහා වන අරමුණු තුනක් සාක්ෂාත් කර ගැනීම, ඵලදායී හා කාලෝචිත ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම සහතික කිරීම පොලිසිය හරහා සිදු කරවීම කෙරෙහි ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරයි.

  • ශානිකා
Social Sharing
නවතම