අපිට අනිසි බල එපා! අපි ඉල්ලන්නේ අපිට හිමි බලයයි. – උපුල් රෝහණ

මෙය අනිසි බලයක් ඉල්ලීමක් නොවන බවත් තමන් කරපු වැඩ වලට, කරන වැඩ වලට නීතිමය පසුබිමක් පමණක් ඉල්ලා සිටීමක් පමණක් බවත් රජය ඊට සවන් නොදෙන්නේ නම් වෘත්තිය සමිති ක්‍රියා මාර්ගයකට යන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

කොවිඩ් 19 වසංගත කටයුතු ආරම්භ වු දා සිටම එය පාලනය කිරීම සඳහා විශාල දායකත්වයක් මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් ලෙස තමන් ලබා දුන් බවත් නමුත් ඒ සඳහා තමන්ට කිසිදු නීතිමය පසුබිමක් නොතිබුණු බවත් ඒ නිසා ඒ නීතිමය පසුබිම සකසා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් නිරන්තරයෙන් ඉල්ලා සිටි බවද ඔහු පවසයි.

එවන් පසුබිමක ඇය ප්‍රකාශ කර තිබු බවට මාධ්‍ය වල පළ වී තිබුණේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ට බලය ලබා නොදෙන බවත් ඉන් ජනතාව අපහසුතාවයට පත්වන බවත්ය.

මේ ගැන විමසු විට ඇයගේ පාර්ශවයෙන් කියා සිටියේ එවන් ප්‍රකාශයක් සිදු නොකළ බවයි. එසේ නම් එය නිවැරදි කර පළ කරන ලෙස අප ඉල්ලා සිටියත් අද වෙනතුරු එය සිදු වුයේ නැති බවද උපුල් රෝහණ මහතා පෙන්වා දෙයි.

එමෙන්ම මෙම සිද්ධියට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මැදිහත් වී මෙය තවත් ව්‍යාකූල කරමින් පවතින බවද ඔහු කියා සිටියි. කොවිඩ් ඇතුලු බෝ වෙන රෝගයක් පාලනය කිරීම ලංකාවේ 1897 අංක 03 දරණ නීරෝධායන රෝග ස්පර්ශකපයන් වෙන් කර තැබීමේ සහ බෝ වන රෝග පාලනය කිරිමේ ආඥා පනත බවත් මේ පනතේ ප්‍රධාන පාර්ශවයන් තුනක් සිටින බවත් එනම් පනතේ බලධරයා වන සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ අමාත්‍යවරිය, දෙවැනි බලධරයා වන්නේ සෞඛ්‍ය අධ්‍යෂක ජෙනරාල්වරයා, කොට්ඨාශ මට්ටමින් සෞඛ්‍ය බලධාරීන් බවද ඔහු පෙන්වා දෙයි.

Posted by Upul Rohana on Monday, 20 July 2020

Social Sharing
නවතම