සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නොකරන්නේ මැතිවරණ ප්‍රචාරණයට බාධාවක් නිසයි!

කොරෝනා වසංගතය මැඩලීම සම්බන්ධයෙන් මාසයකටත් කලින් සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ආණ්ඩුවට ඉදිරිපත් කළ බවත් ආණ්ඩුව ඒවා භාර ගෙන ඒවායේ නීතිමය තත්ත්වය පරීක්ෂා කරන්න නීතිපති දෙපාර්තමේන්තුවට යැවු අතර නීතිපති දෙපාර්තමේන්තුව ඊට අනුමැතිය දී එය සෞඛ්‍ය ඇමතිනිය වෙත එව්වත් තාම එය ඇයගේ කාර්යලයේ ලාච්චුවක ඇතැයි ගාමිණී වියන්ගොඩ මහතා පවසයි.

මෙය නීතියක් බවට පත් වෙන්න නම් ඒ අදාල බලධාරීන් මගින් ගැසට් විය යුතු බවත් ගැසට් මගින් ප්‍රකාශයට පත් නොවී නියමාකාරයෙන් කටයුතු කිරීමේ හැකියාවක් ඒ අදාල බලධාරීන්ට නැතැයිද ඔහු පවසයි.

නමුත් ආණ්ඩුව එක දිගටම මෙය ගැසට් මගින් ප්‍රකාශයට පත් වීම වළක්වා ඇති බවත් මෙය ගැසට් කරන ලෙස බොහෝ දෙනා ඉල්ලා සිටියත් රජය නෑසු කණ් ඇතුව සිටින බවද මෙය ප්‍රමාද කිරීමට එකම හේතුව ලෙස දකින්නට ඇත්තේ ඔවුන්ගේ ප්‍රචාරණ මාලාවට ඇතිවිය හැකි බාධා එල්ල වීම බවද ගාමිණී වියන්ගොඩ මහතා පෙන්වා දෙයි.

ආණ්ඩුව මුල් තැන දිය යුත්තේ දේශපාලනයට නොව සෞඛ්‍යට හා ජිවිත වලට බවද, දෙවැනි රැල්ලක් ආ විට එය එය පළවෙනි රැල්ලට වඩා විනාශකාරී විය හැකියි බවත් ආණ්ඩුව මෙය දින්නා කියා මනෝ භාවයක සිටි බවත් වෙනත් රටවල් හා සන්සන්දනය කරමින් කරමින් සිට දැන් එකවරම විශාල පිරිසක් කන්දකාඩුවෙන් මතුව ඇති බවත් පෙන්වා දෙන ගාමිණී වියන්ගොඩ මහතා කියා සිටින්නේ කොවිඩ් මර්දනය සඳහා ජනතා විශ්වාසය ඇවැසි බවය.

Social Sharing
නවතම