“ලිට්‍රෝ” පොහොට්ටු ලේකම්ට.

ලිට්‍රෝ සභාපති තෙෂාර ජයසිංහ එම තනතුරෙන් ඉවත්කර අදාළ තනතුරට පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේනුක පෙරේරා පත්කරන බව දැනගන්නට ලැබේ.

තැන තැන ගෑස් පිපිරීම් වාර්තාවීමත් සමග තෙෂාර ජයසිංහ ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ විවේචනයට භාජනය විය. ඒ අනුව ලක්ෂ 20කට අධික වැටුපක් සහ නොයේක් වරප්‍රසාද ලබාගන්නා ලිට්‍රෝ සභාපතිවරයා ගෑස් අර්බූදයට නිසි මැදිහත්වීමක් නොකළ බව ආණ්ඩුවේ ප්‍රබලයින්ද චෝදනා කළෝය.

මේ සියලු දේවල් නිසා ලිට්‍රෝ සභාපතිවරයා එම තනතුරින් ඉවත් කරන්න ජනාධිපතිවරයා තීරණයක් ගෙන ඇතැයිද එමගින් හිස්වන සභාපති ධුරයට රේණුක පෙරේරා බොහෝදුරට පත්කරනු ඇතැයිද දැනගන්නට ඇත.

පොදුජන පෙරමුණේ පාලක ලේකම්වරයා වන රේණුක පෙරේරා මීට ප්‍රථම ජාතික නිවාස සංවර්ධන අධිකාරියේද ප්‍රධානියා ලෙස කටයුතු කළේය.

Social Sharing
නවතම