ආණ්ඩුවට එරෙහි කුමන්තණ ගහන්න යළි ඉඩ නැහැ – ඇමති රොෂාන් රණසිංහ

සුළු පක්ෂ ආණ්ඩුවක් තුළ එකට කටයුතු කරන්න අවශ්‍ය නම් කතා කළ යුතු දේ විවෘත ව එකතු වෙලා කතා කළ යුතු බවත් 2015 දී ගහන ලද කුමන්ත්‍රණ යලි ගහන්න නොදෙන බවත් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (09) සවස අරලගංවිල ප්‍රදේශයේ පැවති සංවර්ධන වැඩහටහනකට එකතු වෙමින් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශනයකට පිළිතුරු දෙමිනි.

මෙහි දී මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයා සුළු පක්ෂ සමග සාකච්ඡා කරමින් සිටින තත්ත්වය පිළිබදව   දරන අදහස කුමක්දැයි අසන ලද ප්‍රශ්නයට මෙසේ ද කීය.

“ආණ්ඩුකවක් තුළ එකට සිටිනවා නම් එක මතයක ඉන්න ඕන. එහෙම නැතුව ආණ්ඩුවෙන් කරන හොද වැඩවලට ඉදගෙන ලකුණු දාගන්නයි, ආණ්ඩුව ආර් ථික ප්‍රශ්නයකට යම් තීන්දුවක් ගන්න වෙනකොට නෑ මෙහෙමයි විවේචනය කරන්නයි ගියාම ආණ්ඩුවක් ඇතුළේ එකට කටයුතු කරන්න අපහසුයි. කතා කරන දේවල් සියලු දෙනා එකතු වෙලා විවෘතව කතා කළ යුතුයි.

සමහර වෙලාවට හැමෝම නෙමෙයි සුළු පක්ෂ කිව්වාම 2015 ඉදලා පොහොට්ටුව හදන්න කැප වෙච්ච සුලු පක්ෂ ගොඩක් ඉන්නවා. ඒ අයට අපේ ආණ්ඩුව ගැන ආදරයක් ලෙන්ගතු කමක් තියෙනවා. ඒ අය ආණ්ඩුව ආරක්ෂා කර ගන්න කතා කරනවා. නමුත් ඒ අතරතුර සමහරුන් එක එක කුමන්ත්‍රණ කරන්නත් , 2015 ගහපු කුමන්ත්‍රණ නම් ආයෙ ගහන්න හම්බවෙන්නේ නෑ කියන එක නම් වගකීමෙන් කියනවා.

අපට තියෙනවා මේ රට ආරක්ෂා කර ගැනීමේ වගකීම. 2015 යහපාලන ආණ්ඩුවෙන් දැක්කනේ කරපු දේවල්. මහ බැංකුව මංකොල්ල කෑවා. පාස්කු බෝම්බෙන් මිනිස් ජීවිත විශාල සංඛ්‍යාවක් ආහිමි වුණා. ඒවට අද හිටපු ජනාධිපති වග කියන්නේත් නෑ හිටපු අගමැති වගකියන්නේත් නෑ. හිටපු ආණ්ඩුව වග කියන්නේත් නෑ. ඒකයි තිබෙන තත්ත්වය. ඒක නිසා මේවා සම්බන්ධයෙන් නීතිපති දෙපාර් තමේන්තුවත් කඩිනමින් පාස්කු ප්‍රහාරයේ වැරදි කාරයින්ට තරාතිරම නොබලා අධිකරණයට ගෙන යා යුතුයි. ඒ ඔක්කෝම සිද්ධ වුණේ පහුගිය යහපාලන ආණ්ඩුව කුමන්ත්‍රණකාරී ලෙස හදලා හැම අතින් ම රටට කරපු විනාශය නිසා.

ආර් ථික වර් ධන වේගය 2.7 ට බැස්සා .රුපියල බාල්දු වුණා.රුපියල් බිලියන 7000ක් තිබුණු ණය බිලියන 14000ක් කළා. මහ බැංකුව මං කොල්ල කෑවා. පාස්කු බෝම්බය හරහා රටේ ජාතික ආරක්ෂාව නැති කළා. ඒවාට සම්බන්ධ අය සමහර වෙලාවට කුමන්ත්‍රණ ගහන්න ලෑස්ති වෙනවාද දන්නේ නෑ. හැබැයි ඒවාට නම් ඉඩක් නෑ කියලා කියන්න කැමතියි.”

මෙහි දී මාධ්‍යවේදියෙකු රටේ මර් මස්ථාන විවිධ රටවලට විකිණීම සම්බන්ධයෙන් ස්ථාවරය විමසූ විට මෙසේ පිළිතුරු දුන්නේ ය.

“ දැන් යහපාලන ආණ්ඩුව අපි හදපු හබ්බන්තොට  වරාය චීනෙට අවුරුදු 200කට බදු දෙනවා. ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි පාඩු ලබන ආයතන අවුරුදු 15කට බදු දීලා ඒකේ නල පද්ධතිය හදලා අනිකුත් යටිතල පහසුකම් ටිකත් ගොඩනගලා හදලා අවුරුදු 15කින් ඒ සියල්ල අපට අයිති වන විදිහට ආයෝජනයක් වෙනවා නම් මම හිතනවා ඒක හොදයි කියලා. අපි සරල උදාහරණයක් ගමු. ගෙදර සල්ලි ටික දාලා කොහොම කොහොම හරි පොඩි කඩයක් දානවා. නමුත් කඩේ විකුණන බඩු ගන්න සල්ලි නෑ. සල්ලි නෑ කියලා හදපු කඩේ වහගෙන ඉදලා වැඩක් තියෙනවා ද? නෑ. ඒක කුලියට දීලා අවුරුදු 3ක් විතර ඊට පස්සේ අර කුලියත් අරගෙන කඩේට පාරිභෝගිකයින් ටිකත් හදලා දීලා යයි. ඊට පස්සේ එයාට ඒක කරගෙන යන්න පුළුවන්.  ඒවගේ දෙයක් තමයි යුග දනවි බලාගාරයත්. බටහිර පර් යන්තය ගත්තාමත් වෘත්තීය සමිති කිව්වේ මේක ආයෝජනය කරන්න ගොඩනගන්න කියලායි. ඒක නිසා තමයි ඒක අවුරුදු 35ක බද්දට දුන්නේ. රාජපක්ෂවරු හැමදාම කළේ ආයෝජන ගෙනල්ලා හදලා අපේ රට ගොඩනැගුවා මිසක් යහපාලනේ වගේ හිටපු ජනාධිපතියි අගමැතියි වගේ අවුරුදු දෙතුන්සීයට මහින්ද මහත්තයා හදපු වරාය දෙනවා වගේ ගොං වැඩ කරලා නෑ.”

ඊෂා  මුදියන්සේ පොලොන්නරුව

Social Sharing
නවතම