සන්ධාන ගොඩනැඟීම අලුත් දෙයක් නෙමේ – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වීමේ කිසිදු සූදානමක් නැතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පවසයි.

සන්ධාන ගොඩනැගීම අලුත් දෙයක් නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් යන බව ට යමෙක් කියනවා නම් එය සම්පූර්ණයෙන් අසත්‍ය බවද ඔහු කියා සිටියි.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන වර් ෂ පූරණය සැමරීම වෙනුවෙන් දීප ව්‍යාප්තව සංවිධානය කරන ලද ලේ දන් දීමේ පින්කමකට පොලොන්නරුවේ දී ඊයේ  (01) එක් වෙමිනි. මෙහි දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව සන්ධානයක් ගොඩනගා ආණ්ඩුවෙන් ඉවත් වීමේ තීරණයක සිටින්නේ දැයි මාධ්‍යවේදීන් නැගූ පැනයට හිටපු ජනාධිපතිවරයා ඉහත පිලිතුර ලබා දුන්නේය.

මෙහිදි හිටපු ජනාධිපතිවරයාගෙන් මාධ්‍යවේදීන් පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ඇවිදින මං තීරු ව්‍යාපෘ තිය පිළිබදව විමසා සිටියේය.

ඒ් පිලිබඳව ඔහු කියා සිටියේ පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඇවිදින මං තීරු ඉදි කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මේ රටේ වාරි විශේෂඥයින් ගොවි ජනතාව හා පොලොන්නරුවේ මහා සංඝරත්නය දක්වන අදහස් දෙස බැලූ විට මෙම ව්‍යාපෘ තිය නොකළ යුත්තක් බව ඒ සියලු දෙනා තමන් ට ද පවසා ඇති බවය.

ඊෂා  මුදියන්සේ

 

Social Sharing
නවතම