රුපියල් 2000 දෙනවට වඩා නොදී සිටිමට ගත් වෑයමක්ද?

කොවිඩ් වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රට තාවකාලිකව වසා දැමීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ අඩු අදායම්ලාභී පවුල් වෙත මීට පෙර ගෙවු රුපියල් 5000 මෙවර 2000 දක්වා අඩු විය.

ඒ් රජයට ඇති ආර්ථික අර්බුදය නිසාය. කෙසේ නමුදු මේ රුපියල් 2000 මේ වන විට ලබා දෙමින් ඇත. මෙම දීමනාව රාජ්‍ය/ අර්ධ / සංස්ථා/ බැංකු / රක්ෂණ සමාගම් හි ස්ථිර සේවයේ නියුතු වුවන්, විශ්‍රාම වැටුප් / වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් ලබන්නන්, සමෘද්ධි ප්‍රතිලාභීන්, වැඩිහිටි ආධාර ලබන්නන්, සියවස් පුර්ණ දීමනා හිමි අය, ආබාධිත හා වකුගඩු දීමනා ලබන්නන්, කොරෝනා රෝගී තත්ත්වය මත නිරෝධායනය විම නිසා ලබා දුන් බඩු මල්ල ලැබුවන්, පෞද්ගලික අංශයේ ස්ථිර රැකියා වල නිරත වුවන්, අක්කර 1 1/2 කට වඩා වගා කර ඇති අයට, විදේශගතවුවන් සිටින පවුල් , මේ දිනවල ජංගම වෙලඳාම සඳහා අවසරපත් ලබාගෙන ඇති අය, වැඩි ආදායම්ලාභීන් හා ත්‍රිවීල්/කාර් /බස්/ ලොරි ඇති අයට  හිමි වන්නේ නැති බව රජය කියා ඇත.

ඒ් අනුව මෙම දීමනාව ඉතාම සීමිත පිරිසකට පමණක් ලැබිය යුතුය. නමුත් ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් ඒකක 116434ට මේ වන විට රුපියල් දෙදහසේ දීමනාව ලබාදී ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉකුත්දා පවසා තිබුණි.

අමාත්‍යවරයා කියා තිබුණේ  ජීවනෝපාය අහිමි වූ පවුල් ඒකක ලෙස හඳුනාගනු ලැබූ දිස්ත්‍රික්කයේ තවත් පවුල් 230424ක් සඳහා දීමනාව ගෙවීමට නියමිතව තිබෙන බවය.

රට වසා දැමීම නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 326858ක ජීවනෝපාය අහිමි වී ඇතැයි හඳුනාගෙන ඇති අතර මෙම පවුල් සඳහා රුපියල් 2000 දීමනාව ලබාදීම සඳහා රුපියල් 480,000,000ක මුදලක් රජය වැයකරයි.

ඒ අනුව මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 33135ක්,කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 32411ක්, දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල්22011ක්, මීරිගම ප්‍රදේශයේ ලේකම් කොට්ඨාසයේ පවුල් 13989ක්, මිනුවන්ගොඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාසය පවුල 13989ක්, වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 36045ක්, ජාඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 26109ක්, ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 30128ක්, අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 15960ක්, දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 20988ක්, මහර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 22521ක්, කැළණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 27353ක් හා බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 30939කට මෙම දීමනාව ලබා දීමට නියමිතය.

ගම්පහ මෙම දීමනාව ලබා දුන් ආකාරය පිලිබඳව සොයා බැලීමේදි හෙළි වුයේ පවතින ආණ්ඩුවේ ගම් මට්ටමින් සිටින ක්‍රියාකාරී දේශපාලන ආධාරකරුවන් හරහා ග්‍රාම නිලධාරින්ට තොරතුරු ලබා දී ඇති බවය. මෙහිදි ඇතැම් ග්‍රාම නිලධාරීවරුන් ඔවුන් කියු ලේඛන සැක සහිත බැවින් ප්‍රදේශයේ හිතවත් අයට දුරකථන ඇමතුම් ලබා දෙමින් විමසා ඇත්තේ ඒ් අයට සල්ලි තියෙන පවුල්ද අනේ කියාය.

ඇතැම් ප්‍රදේශ වල ග්‍රාම නිලධාරීවරුන් මෙම 2000 ලබා දී ඇත්තේ හොර රහසේය. එක් එක් අයට දුරකතනයෙන් කථා කොට අනේ, කාටවත්ම කියන්න එපා. දැන්ම ඇවිත් මේක ගන්න කියා දන්වා ඇත. ඒ් තරමට ග්‍රාම නිලධාරීන්ද මේ 2000 ලබා දීමේදි ගැටලු වලට මුහුණ දී ඇත.

පහුගිය දිනෙක හැටන් ප්‍රදේශයේද මේ 2000 දීමනාව නිසා උණුසුම් තත්ත්වයක් ඇති වු අතර අවසානයේ ග්‍රාම නිලධාරිවරුන් මුදල් නොබෙදා ආපසු ගිය බවද වාර්තා විය.

රජය රුපියල් 2000 ලබා දීමට ජනතාව දැඩි ලෙස පීඩනයට ලක් කරමින් සිටින නමුත් ජනතාව මේ රජය බලය පත් කිරීමේදි දෙවරක් සිතුවේ නැත. ඔවුන්ගේ ඡන්දය ලබා දුන්හ. එදා ඡන්දය ලබා ගනිද්දි ආණ්ඩුව මේ අඩුදායාම්ලාභී පවුල් වල ඡන්දයක්ද කියා විමසුවේ නැත.

පවුලකට වාහනයක් ඇතැම් විට ලිසීං කර මිලදි ගෙන තිබිය හැකිය. රැකියා නොමැතිව සිටින විට වාහනය කෑ නොහැක.

කෙසේ නමුදු මෙම 2000 බෙදා දුන් ආකාරය පිලිබඳ විධිමත්, විනිවිද භාවයක් නම් නොමැත. මෙය හුදෙක් දෙනවාට වඩා නොදී සිටිමට ගත් තීරණයක්දැයි බොහෝ දෙනෙකුට සැක මතුව ඇත.

 

 

 

Social Sharing
නවතම