ලොක්ඩවුන් වුණත් තාම මිනිසුන් මහ පාරේ – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

තවමත් මහමඟ නිදැල්ලේ හැසිරෙන පුද්ගලයින් සිටින බවත් මේ ලොක්ඩවුන් කිරිම නිසියාකාරයෙන් සිදු වීමට නම් නීතිය දැඩිව ක්‍රියාත්මක විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

මේ ලොක්ඩවුන් කිරීම විද්‍යාත්මකව සිදු වන්නේ නැතිනම් නිකරුණේ අපතේ යන දින 10 ක් බවට මෙය පත් විය හැකි බවත් ඒ් නිසා සංචරණ සීමා පිලිබඳව දැඩිව කටයුතු කළ යුතු බව ඔහු කියා සිටියි.

එසේම මහජනතාවද මෙය සැහැල්ලුවෙන් නොතකා වගකීමක් සහිතව හැසිරිය යුතු බවද පෙන්වා දෙන ඔහු ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය උපදෙස් පිලිපදින ලෙසත් මේ දින 10 නිකරුණේ අපතේ නොයවන ලෙසය.

සෞඛ්‍ය අංශය, මහජන පරික්ෂකවරු විද්‍යාත්මකව මේ ලොක්ඩවුන් කටයුතු සිදු කළ යුතු අතර හැකිනම් මෙය දින 14 ක් දක්වා සිදු කළ හැකි නම් වඩාත් ඵලදායි බවද ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම රෝහල් වල සිටින රෝගීන්  ධාරිතාවයද මේ නිසා අඩු වී යා හැකි බව ඔහු කියා සිටියි.

මේ ලොක්ඩවුන් කිරිමෙන් රටට පැහැදිලි ලෙසම ආර්ථිකයට වාසියක් බව ලැබෙන බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

ඊට හේතු ලෙස ඔහු සඳහන් කරන්නේ වාර්තා වන ආසාදිතයින් ප්‍රමාණය අඩු වන විට ඒ් සඳහා වැය කළ යුතු මුදල්ද ඉතිරි වන බවය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

 

ශානි

Social Sharing
නවතම